hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 01, පෙ.ව. 12:06



 සමා ෆ්‍රැන්සිස් කියන නම සමාජ මාධ්‍ය භාවිතා කරන ඔබට නම් හුරුපුරුදුයි.

සමාධි – ශෙවින් කියන්නෙ එකල සමාජ මාධ්‍ය ඇතුළේ අතිශය කතාබහට ලක්වුණු ප්‍රේම කතාවක්.

මේ ආදර කතාව කාටත් තදින්ම දැනෙන්න ගත්තෙ ශෙවින්ගේ මරණයෙන් පස්සෙ.

ශෙවින්ගේ වියෝවෙන් පස්සේ සමා ප්‍රේම කතාව තවකෙක් හා ලියවීමට පටන් ගත්තා.

ඒ එක්කම මුහුණුපොතේ නූතන යශෝධරා කියා කවි ගී ලියු අයම ඇයට අවලාද නගන්න පටන් ගත්තා.

කොහොම නමුත් කාලයක් යනකල් යළි ඈ ගැන කතාබහක් නැති ම තරමට දිගු නිහැඬියාවකි පැවතුණේ.

දැන් ආයෙමත් සමා කරළියට ඇවිත්.

ඒ ඇගේ වෙනස් ආදර කතාවක් එක්ක.

ඊටත් සුපුරුදු පරිදිම විවේචන එල්ල වන අතරතුර තමන් වෙනුවෙන් තමන් පෙනී සිටීම හැර අන් කවරෙක්ද යන්න ප්‍රත්‍යක්ෂ කරමින්, සමා සිය හඬ අවදි කරලා තිබුණා.

”මා තව දුරටත් මිනිස්සු විනිශ්චය නොකරමි

හොද හෝ නරක මිනිස්සු කියා ජාතියක් මෙලොව නැත යන්න මා තෙරුම් ගත්තෙමි.

පැලදගෙන සිටින කන්නාඩිය අනුව කව්රුත් හොදය කව්රුත් නරකය.

කුඩා දරුවෙකු සෙ මෙලොවට පැමිනෙන සියල්ලනම් ම පැමිනෙන්නෙ හිස්වය.

ඔවුන් පසුව පිරෙන සිතුවිලි ආකල්ප සහ ඇත්දැකිම් ඔවුන්ගෙ තෝරා ගැනිම් නොවනු ඇත.

තෝරා ගැනිම් කිරිමට අවැසිය විය එලබෙන විට එ තෝරා ගැනිම් සිදුවන්නෙ ඉපදුන දා සෙට වෙනකෙකු තෝරා දුන් ආකාරයටමය..

ඉතින් මිනිස්සුන් මට අනුව ඉතා පව් ය.

තව දුරටත් මාහට බැන වදින ගැහැනුන් සහ පිරිමින් දෙස ද්ව්ශයෙන් නොබලමි.

සියලු දෙනා තමන්ගෙ පරාසයෙ සිට අදහස් දැක්විම කරන දෙස බලාසිටින්නෙමි.

මට පෙනෙන්නෙම කැඩුනු බිදුනු දරුවන්‍ ය… බොඩලයින් මිනිසුන්‍ ය..

මට බැනලා ” මන් එයාට වඩා හොදයි ” යැයි සිතා සැනසෙන ගැහැනුන් ය.

සෙක්ස් ඇරියස් ඇති පිරිමින්‍ ය.

ඉතින් මෙ ඔක්කොම උන් පව් ය.

මගෙ පෙම් කතා කවදත් ගැහැනු පිරිමි සිත් ඇවිස්සුවෙය.

ඉස්සර නම් මාත් කමෙන්‍ට් කියවා සමාජ මට්ටම් විනිශ්චය කෙරුවෙමි.

කිසි දින පව් නොකරපු බුකියෙ මිනිසුන් දෙස බලා පුදුම වුනි.

බැනලා දාන කමෙන්ට් එකට වැටෙන ලයික් එකෙන් මන් පොරක් යැයි ලැබෙන ඩොපමින් හිට් එකට ආශා කරන කැඩුනු පිරිමින් දකිමි.

ඇත්ත ජිවිතයෙ අවස්ථා අහිමි වුනු ප්‍රතික්ෂේප වුනු මිනිසුන් දෙස බලා දුක් වුනෙමි. ඉතින් මිනිසුන් පව්‍ ය.

මා නම් කොහොමත් නරක මිනිහෙකි.

දැඩි ලෙස ප්‍රේම කර පිරිමි අනාත කරන ගැහැනියකි.

ආදෙර යැයි බොරුවට රගපාන්න බැරි ගැහැනියකි.

දිනෙන් දින නැගිටින්න , ඉගනගන්න, ප්‍රසිද්දියෙ පෙම් කරන්න බය නැති ගැහැනියකි.

අවශ්‍ය දෙයක් ලබා ගන්න යුද්ද කරන ගැහැනියකි.

ද්වෙශ කරන වුන්ට ප්‍රේම කරන එකියකි.

කියන දෙ නාසන මට හරි යැයි සිතන දෙ පමනක් කරන එකියකි.

පිරිමින්ගෙ හිස් කම…

ගැහුනුන්ගෙ බිය දකින එකියකි.

නිහඩ ආත්මයකි.

මුලු ආත්මයෙන්ම හිපියෙකි.

කාටවත් මා හොද මිනිහෙක් යැයි පෙන්නිමට මට උවමනාවක් තවත් නැත. මන් කොහොත් මෙහෙමය.

ඉතින් මාව කොහොමත් මිනිසුන්ට බර වැඩිය.

ඉතින් මගෙ පෙම් කතා වලින් කැලබුනු මිනිස්සුන් වෙනුවෙන් මෙ සටහන තබමි.

” මන් කොහොමත් නරක ගැහැනියකි, ඉතින් මට ප්‍රේම කරන හැටි උගන්න, සමාවදෙන උගන්න…

ඔයාල වගෙ හොද මිනිස්සු වෙන හැටි කියලා දෙන්න,

මන් වගෙ කැඩුනු දරුවොන්ට උදව් කරන්න ජිවත් වෙන්න….

ඔයාල වගෙ හොද වෙන්න මට සමාවෙලා කියලා දෙන්න”.

ආදරෙයෙන් සමා. ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: