hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 20, පෙ.ව. 10:17



හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රිය අනතුරට අදාළ නඩුවට රියදුරා වශයෙන් කටයුතු කළ ප්‍රභාත් එරංග දුල්නේෂා නැමැත්තා වැලිසර මහේස්ත්‍රාත්වරයා හමුවේ ඊයේ (19) කැඳවනු ලැබුවා.

එහිදී ප්‍රභාත් එරංග දුල්නේෂා නැමැත්තා සදහන් කළේ “සනත් නිශාන්ත මහත්තයා ජීවත්වලො සිටියා නම් මට මෙහෙම දෙයක් වෙන්නේ නෑ. මගේ රස්සාවත් නැති කළා. මට ජීවත් වෙන්න විදියක් නෑ.”

සනත් නිශාන්තගේ බිරිඳගේ අයිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සැකකාර ප්‍රභාත් එරංග දුල්නේෂා නැමැත්තාට විදේශගත වීම වළක්වාළමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේදී දුල්නේෂා නැමැත්තා හැඩුම්බරව අධිකරණය හමුවේ මේ බව සදහන් කර තිබෙනවා.

කඳාන පොලිස් නිලධාරීන් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර සිදුකළ විමර්ශනවල උදෘත ගොනු නියෝජ්‍ය පොලිස්පති වෙත යොමු කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් ලැබුණු පසුව ඉදිරි පියවර ගැන අධිකරණයට දැනුම්දීමට කටයුතු කරන බවද සදහන් කර ඇත.

එම කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසට විමර්ශන කරන කඳාන පොලිසිය ඉල්ලීමක් කරන්නේ නැති බැවින් අගතියට පත් පාර්ශවයක් කරන ඉල්ලීමක් පිළිගනිමින් සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට අවකාශයක් නැති බව අවධාරණය කර ඇත.

අගතියට පත් පාර්ශවය කරන එම ඉල්ලීමට අවසර දීම ප්‍රතික්ෂේප කළ වැලිසර මහේස්ත්‍රාත්වරයා එම සිද්ධියට අදාල විමර්ශන කඩිනම් කිරීමට කඳාන පොලිසියට නියම කර ඇත.

මෙම සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී සනත් නිශාන්තගේ මෝටර් රථය පැදවු ප්‍රභාත් එරංග දුල්නේෂා නැමැත්තා සහ ජීප් රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරු ද අධිකරණය හමුවේ පෙනී සිට ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: