hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 25, ප.ව. 4:07



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

මධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා.

ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

නිල්මිණි තෙන්නකෝන්ගෙන් ඉවත්ව මේ වෙනකොට එරන්දි එන් සිරිවර්ධන සමග ජීවිතය ගෙනියනවා.

නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළත් ඔහු සිදු කරන යම් යම් පළකිරීම් අතිශය කතාබහට ලක්වනවා.

හොඳම යාළුවෙක් තමන් හැරදා යන එක නම් කිසිම වෙලාවක කාට වුණත් දරාගන්න අමාරු දෙයක්. ඒක අපි කාටත් පොදුයි.

ඉතින් මදුමාධව මේ විදිහට හදිස්සියේම සංවේදී වුණේ ඇයි?

ඒ ගැන සටහනක් ඔහු සිය ෆේස්බුක් පිටුවට එක්කර තිබුණා. ඉතින් මදූව සංවේදී කළ මේ සනත් කවුද? මේ කියන්නේ ඔහු ගැනමද?

සනත් කියපු රහස……

සනත් අන්තිමට කතා කලේ මට…

උබ කියපු ටික ලියන්නේ නිකමට….

මහා පාන්දර සනත්ගෙන් කෝල් එකක්, අවුරුදු තුනකට පස්සේ….

ලෝකෙ මන් දැකපු සාදාරනම මිනිහෙක්..

අහිංසකම මිනිසෙක්…

ආදර්ශ මත් මිනිසෙක්..

මට පුදුම හිතුනා..

මේ මහ රෑ , ඇයි උබ මාව හොයන්නේ..

වෙලාව පාන්දර එකයි….

මන් කෝල් එක ගත්තා…

ඔව් සනත්… ඇයි කතා කලේ මල්ලි…

උබ එක දිගට අඩන්න ගත්තා….

මට දැන් හිටිය හොදටම ඇති අයියේ…

මට හැම දේම එපා උනා…..

මාව විනාස කරේ, මගේ වටේ හිටිය උන් වගේම උන්වත් මන් නිසා විනාස උනා…..

ඉතිං, මන් යන්නම යන්න තීරනය කලා අයියේ…

මා ඉතිං යන්න යනවා…..

උබේ ඉකි ගහන හඩට කෝ නමක්…

හයි වේ එකේ වේගයෙන් ඇදුන වාහනයෙ හුලන් කපා ගෙන ඇදෙන වේගයට…

නමක් නෑ…

හැබැයි ඒ සද්දෙට වඩා….

උබේ කට හඩට නමක් දෙන්න මන් දැනන් හිටියෙ නෑ….

උබට තව ඉන්න තිබ්බ….

ඒත් ඒක මන් ඊයෙ කිව්වෙ නෑ…..

උබ ටිකක් බීල හිටියේ….

උබ කිව්ව අන්තිම වචන ටික…මට මතකයි

සනත් මල්ලි….

“මදූ අයියෙ එහෙනම් මම යනව අයියේ…

මන් ආයෙ කවදාවත් උබ වගේම කිසිම දේශපාලකයෙක්, පක්ශයක් එක්ක වැඩ කරන් නෑ….

දවසක උබත් එයි….

අපි එදාට මීට වඩා ගොඩාක් දේ කතා කරයි..

මං යන්නම් අයියෙ..

ඇවිල්ල කියල නොගියට සමාවෙන්න…

අයියත් එන්න ඉක්මනින් ..

මන් එන්නම් බලල යන්න”

උබ තිබ්බ…

ෆෝන් එක…..

මටත් හිතට දුකයි…

උදේ නැගිට්ට ගමන්….

නිකමට ෆෝන් එක ගත්තා….

මට උබ අවසාන පනිවිඩය එවල තිබ්බ…

මන් ගියා පරිස්සමින් අයියේ කියල…

ඔබ එක්ක මේ පුද්ගලික කතා බෙදා ගන්නෙ..

ඔබ අනුන්ගෙ ඕප දූප හොයන…

කවුරු හරි ගිහාම ඒ ගියහැටි හොයන..

කොටින්ම සත පහකට අනික් අයට ඇත්තටම මොකද උනේ කියල හොයන් නැති…

කෙනෙක් කියල දන්න නිසා…

ඔබ කවරෙ බලල පොත ගැන හිතන කෙනෙක් නම්.. මේ ලිපිය ඔබව මටපෙන්නාවි…

කොහොම නමුත් ඔබේ ජීවිතෙත් මේ වගේ අත්දැකීම් තියෙනවනම් ලියන්න…

සනත්ව මම තරම්, ඔබ දන්නවද මා දන් නෑ..ඔහු තරම් අහිංසක, නිවුන, තැම්පත්, කීකරු, ගුන ගරුක අය හරිම අඩුයි…

මගේ ඈතින් නෑයොත් වෙන උබ..

නැති අඩුව නොදැනුනත්…

උබ ගිය එකහොදයි….

මේ කාලේ ඇත්තටම ජීවත් වෙන්න අමාරුයි…

ඔහුත් ඈත අහසේ , වලා කුලු මැද්දෙන්

නොපෙනී යන්න ඇති..

අපි නිදි අතර…..

ඔහු වැඩ කලහැම දේශපාලන කදවුරටම ඔහු සමු දීල ගියේ….

කියකිය ඉන්න එපා, හොද රස්සාවක් ලැබුනොත්, කියවන ඔබත් යන්න…

ඊයේ රාත්‍රි යේ කටුනායකින්, නොපෙනී ගිය සනත් රෝහන මල්ලි…

ඩුබායි කියන්නෙ හොද රටක්..පටන් ගනින් ජීවිතේ….

අපි ඉක්මනින් හමුවෙමු….

මමත් එනවා ලබන මාසෙ ඩුබායි..

ආවම හමු වෙමු…..

උබට සුබ ගමන්…

මාගේ සුන්දර සහෝදර යා…..

මදු මාදව ඕප දුප කියවන්න ඇවිත් දත් මිටි කමින් යන සුන්දරයන් වින්ද.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: