hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 27, ප.ව. 2:27



රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හා ඔහුගේ ආරක්ෂකයා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුර හේතුවෙන් එම රථය පැදවූ රියදුරාගේ ජංගම දුරකථනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා

අදාළ අනතුර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුත්තක් සඳහා විශේෂ පොලිස්‌ කණ්ඩායමක් විසින් මෙසේ එම දුරකථනය සිය භාරයට ගෙන ඇත.

රියදුරා මේ වන විට එළැඹෙන පස් වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරය ගතකර තිබෙනවා.

රියදුරා අනතුර සිදුවීමට පෙර දින ‘තම මරණය’ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබූ සටහනක් හේතුවෙන් මෙම දුරකථනය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ වන විටත් රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන එම රියදුරාගෙන් රහස් පොලීසිය විසින් ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද සඳහන් කරන්නේ අදාල රියදුරා සමාජ මාධ්‍යවල පල කර තිබූ සටහනක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: