hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2023 දෙසැම්‍බර් 05, ප.ව. 7:08



තායිලන්තයේ බැංකොක් නුවර පැවති 21 වැනි ආසියානු විවාහක රූ රැජින තරගාවලියට සහභාගී වී ආසියාවේ සිරියාවන්තම (Elegance) විවාහක රූ රැජින කිරුළ දිනා ගත්  සංජීවනී ඇඹුල්දෙණිය මහත්මිය එම කිරුළ රැගෙන අද (05) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

සංජීවනී ඇඹුල්දෙණිය මහත්මිය මෙම 2023 වසරේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරී පත් වී තිබූ අතර , එනිසාම ඇය ආසියානු විවාහක රූ රැජින තරගාවලිය සදහා යොමු කර තිබුණා.

මෙම තරගාවලිය ඉකුත් 11/29 දින සිට 12/04 දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර , ආසියානු රටවල් 27 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණා.

සංජීවනී ඇඹුල්දෙණිය මහත්මිය අද (05) දහවල් 11.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඇය පිළිගැනීම සදහා ඇගේ පියා වන ජයතිලක ඇඹුල්දෙණිය මහතා සහ ඇයගේ මව මැණිකේ ඇඹුල්දෙණිය මහත්මිය කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: