hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 19, පෙ.ව. 12:04



පියෙකු දියණියකට ඇති අසීමිත වූ ආදරය ප්‍රදර්ශනය කරමින් පිළිකාවේ අවසන් අදියරේ සිටින පියෙකු තම දියණියගේ උසස් විද්‍යාලයේ Home Coming උත්සවයට සහභාගී වී තිබෙනවා.

තම පියාව Home Coming උත්සවයේදී දැකීම දියණිය වන Saraගේ එකම බලාපොරොත්තුව වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකාවේ Alabama ප්‍රාන්තයේ ජිවත් වන Brett Yancey පසුගිය වසර හයක කාලය තුළ esophageal පිළිකාවෙන් පීඩා විදින අතර ඔහු දැඩි ප්‍රතිකාර මධ්‍යයේ සිටින බව සඳහන්.

ඔහුගේ ශරීරය ඉතා දුර්වල තත්ත්වයක තිබියදීත්, ඔහු තම දියණිය වන Sara Kateගේ උසස් විද්‍යාලයේ විශේෂ අවස්ථාව මග හැරිය නොහැකි බවයි පවසා ඇත්තේ.

පියා දියණියව අල්වාගෙන යන අකාරය දැක්වෙන ඡායාරූප හා වීඩියෝවලට බොහෝදෙනා සංවේදී වී ප්‍රතිචාර දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: