2024 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:04
ජනප්‍රිය තරු පවුල් අතර නිතර කතාබහට ලක්වෙන තරු පවුලක් තමයි සාරංග – දිනක්ෂි දෙන්නගෙ සොඳුරු කැදැල්ල.
ඒ ආදරණීය කැදැල්ල තවත් ලස්සන කරන පුංචි මායාකාරිය තමයි සාරණ්‍යා.
දැන් දැන් සාරංග – දිනක්ෂි දෙන්නටත් වඩා සාරණ්‍යා ජනප්‍රියයි වගේ. කවුරුත් ඇයට හරි ආදරෙයි.
ඒ නිසාම ඇය ගැන දැනගන්නත් කවුරුත් කැමත්තෙන් ඇති අනිවාර්‍යයෙන් ම.
පහුගිය දවසක සාරංග, දෝණි ගැන කියලා තිබුණු කතාවක් තමයි මේ…..
”මේ හැල්මේ දුවන ගමනේ එයා තමයි අපිට ලැබෙන සිහිල් හෙවණ විදියට දැනෙන්නේ.නැවතිලා පොඩ්ඩක් ගිමන් හරින තැන තමයි එතැන.දවසේ කොතරම් මහන්සි වෙලා ගියත් එයා ළඟට ගියාම ඒ විඩාව නිවිලා ආයෙත් ජිවත් වෙනවා කියලා දැනෙනවා.ඒක මම හිතන්නේ මට විතරක් නෙවෙයි, ඕනෙම තාත්තා කෙනෙක්ට, අම්මෙක්ට දැනෙන පොදු හැඟීමක්.”
”අපි දෙන්නා විතරක් නෙවෙයි.අපේ මුළු පවුලම කලාවට යොමු වෙලා ඉන්න නිසා සහ අපි හැම තිස්සෙම අපේ හැම කටයුත්තක්ම කලාව හරහා සිදු කරන නිසා එයාටත් යම් යම් දක්ෂතා ඇති.එයාගේ දක්ෂතා වෙනුවෙන් අපි උදව් කරනවා.එයා මේ වෙද්දී නම් බොහොම කෙළිදෙලෙන් ජිවිතේ ගත කරනවා.ඉදිරියේදී එයාට දැනුම් තේරුම් ඇති වයසක දී එයා කැමැති අංශයකින් ඉදිරියට යන්න අපි අපේ උපරිම සහයෝගය දෙනවා.”
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26