hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 27, පෙ.ව. 8:53



පාසල් සිසුන්ට ඉගෙනීම් කටයුතුම විතරක් නෙවෙයි තියෙන්නේ කිව්වොත් ඔබ සමහර විට අපි එක්ක එකග නොවෙන්න පුළුවන්.

පාසල් සිසුන්ට ඉගෙනීම වගේම බාහිර ක්‍රියාකාරකම් ද අත්‍යාවශ්‍යයි.

ඒ ඔවුන්ට වෙනසක් ලැබීමට වගේම තවත් ඔවුන්ගේ දක්ෂතාවයන් ඔප නංවා ගන්න.

ඉතින් එවන් පසුබිමක හරි අපූරු වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හරි හරියට හුවමාරු වුණා.

ඒ බදුල්ල මැදි මහා විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා අවසන් දින උත්සවයේ දී ඉදිරිපත් කළ සරඹ සංදර්ශනය.

ඒෂියන් මිරර් අපි ඒ සුන්දරත්වය ඔබ වෙත ගෙන ආවා ඔබට මතක ඇති.

මේ කියන්න යන්නෙත් ඒ වගේම අපුරු වීඩියෝවක් ගැන.

උදේ කණ්ඩායම් 4ක් වෙලා එකිනෙකාට එරෙහිව තරඟ කරලා ජය පරාජය සමව විඳගෙන තරඟ අවසානයේ ඒ සතුට සමරන්න පුළුවන් නම් ඒ හිත් කොයි තරම් නම් හයියද?

ඒ හිත් හරිම ආදරණීය හිත් කියලා මම කිව්වොත් ඔබ එකඟ වෙයි.

මේ වීඩියෝව අපි කියපු ඒ කාරණයට සාක්ෂි දරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: