hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 20, පෙ.ව. 8:57



තම උපන් දිනයදා විදුහලේ ජල කරාම සහිත අනාරක්‍ෂිත තාප්පයට යටවී අවාසනාවන්ත අන්දමින් මියගිය වැල්ලම්පිටිය වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ 1 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සෙහන්සා නෙත්සරණි සිසුවියගේ දේහය අසල දණගසා වැඳ නමස්කාර කරමින් එම පාසලේ විදුහල්පතිවරයා පෙරේදා (18) අවසන් ගෞරව දැක්වුවා.

සෙහන්සා දියණියගේ නිවසට ගිය අපට මෙම සංවේදී දසුන දැකගත හැකි වුණා.

පෙරේදා උදෑසන සිටම ඇගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට පාසල් ගුරුවරුන්, මිතුරු මිතුරියන්, පවුලේ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් වැළ නොකැඩී ඇදී ආවා.

ගම්මුන්ගෙන් පහරකෑම හේතුවෙන් විදුහල්පතිවරයාගේ දකුණු ඇසට හානි සිදුවීම නිසා එම දෑස ප්ලාස්ටරයකින් වසා තිබෙනු දක්නට ලැබුණා.

හැඬූ කඳුළින් මාධ්‍යයට අදහස් දැක්වූ වැල්ලම්පිටිය වේරගොඩ කනිෂ්ඨ විදුහලේ විදුහල්පතිවරයා මෙසේ පැවසුවා.

“පාසලේ තුන්මහල් ගොඩනැඟිල්ලේ මුදුනේ අනාරක්‍ෂිත මුදුන් උළු කැඩිලා තියෙන ආකාරය දැක්ක මට වතුර කරාම පද්ධතියේ අනාරක්‍ෂිත බව පෙනුණේ නැහැ. මම මේක සතියකට දෙතුන් පරාක් හෝදලා පිරිසිදු කරනවා. මේ සෙහන්සා දුවගේ ජීවිතය ආරක්‍ෂා කරන්න බැරිවෙච්චි එක මට දරාගන්න බැහැ. මේවා අපේ වැරදි. අනේ රත්තරං දුවේ මට සමාවෙන්න.”

තම පාසලේ අනාරක්‍ෂිත භාවය ගැන රටටම පාඩමක් කියාදුන් පුංචි සෙහන්සාගේ අවසන් කටයුතු පෙරේදා විශාල පිරිසකගේ සෝ සුසුම් මැද සිදු කෙරුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: