hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:05



පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ෂහීඩ් අෆ්රිඩිගේ දියණියගේ පූර්ව විවාහ උත්සවය පැවැත්වුණා.

ඒ පකිස්තානයේ කරච්චි නුවරදියි.

අෆ්‍රිඩිගේ දියණිය වන Ansha Shahid විවාහ වන්නේ වර්තමානයේ පකිස්තාන කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු යවන්නෙකු මෙන් ම පන්දු යවන්නන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ සුපිරි 10 දෙනා අතර සිටින Shaheen Shah Afridi සමගයි.

ෂහීන් සහ අෆ්‍රිඩිගේ දියණිය මීට දෙවසරකට ඉහත දී විවාහ ගිවිසගෙන සිටි අතර, චාරිත්‍රානුකූලව ඊයේ රාත්‍රියේ දී මෙහෙන්දි උත්සවය පවත්වා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම මෙහෙන්දි උත්සවය පැවැත්වුණේ කරච්චි හි පිහිටි ෂාහිඩ් අෆ්‍රිඩිගේ නිවසේදී බවත්, ඊට ඥාතීන් මෙන් ම සමීපතම මිතුරු මිතුරියන් ද එක්ව සිටියා.

මීට අමතරව පකිස්තානු විවාහ සංස්කෘතියට අනුව රුක්සති බැලීමේ උත්සවය එළඹෙන අඟහරුවාදා දිනයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම උත්සවයට පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම්,සර්ෆරාස් අහමඩ්, නසීම් ෂා සහ ෂඩාබ් ඛාන් මෙන්ම ස්කොෂ් ක්‍රීඩක ජහන්ගීර් ඛාන් ද එක් ව සිටින අයුරු දක්නට ලැබුණා.

මීට අමතරව ෂාහීන් අෆ්‍රිඩිගේ වෘත්තීය ක්‍රිකට් දිවියේ සගයින් වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාන්‍යාධිකාරී වසීම් ඛාන් සමග අන්තර් සේවා මහජන සම්බන්ධතා හිටපු අධ්‍යක්ෂ ජනරාල් අසීම් බජ්වා ද මෙම විවාහ උත්සවයට එක් ව සිටි බවත් වාර්තා වනවා.

නව යුවලගේ ‘වලිම’ උත්සවය අද දිනයේ දී කරච්චි නුවරදී උත්සවශ්‍රීයෙන් පැවැත්වෙනු ඇති.

තවමත් 23 හැවිරිදි වියෙහි පසුවන මෙම යොවුන් වේග පන්දු යවන්නා සඳහන් කර තිබුණේ අන්ෂාව විවාහ කරගැනීම සිය ජීවිතයේ ලද භාග්‍යයක් වන බවයි.

මීට අමතරව මොවුන්ගේ සබඳතාව සම්බන්ධයෙන් ද ෂහීන් මෙලෙස කියා සිටියා.

It was my marriage so obviously, it was me who thought about marrying her. Lala and my brother have been friends for a very long time, and our elders know each other too. So, my mother went ahead with the rishta (proposal) and the families agreed..” යනුවෙන්.

තමන්ගේ සහ අන්ෂාගේ හමුවීම දේව කැමැත්ත මත සිදු වූවක් බවට ෂහීන් වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මීට ඉහත අවස්ථාවක දී සඳහන් කර සිටියා.

Monara
Monara
Monara
Monara
Monara
Monara
Monara
Monara
Monara
Monara
Monara
Monara
Monara




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: