2023 සැප්‍තැම්‍බර් 17, ප.ව. 4:46
 
            
ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.
මේ දවස්වල නම් සමාජ මාධ්‍ය පුරාවට ඇය ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා.
ඒකට හේතුව තමයි ඇයගේ විවාහය.
උත්සව කිහිපයක් යටතේ පැවැත්වුණු ඇයගේ විවාහ ගැන හැමෝම කතා කරනවා.
ශලනිගේ විවාහය ගැන මුහුණුපොතේ හරි හරියට කතා වෙනවා.
පුරුදු පරිදි යූටියුබ් නාලිකා පුරුදු සෙල්ලම පටන් අරන් ඉන්නවා.
ඔවුන්ගේ මෙවරත් ප්‍රධානතම මාතෘකාව ශලනි වෙලා හමාරයි.
කිසිදු විලිසංගයක් නැති යූටියුබ් නාලිකා ශලනිගේ ඡායාරූප විකෘති කොට පළ කරමින් ව්‍යාජ මවාපෑම් සිදු කරන්නට පටන් ගෙන තිබෙනවා.
ඒ සියල්ල නැරඹීමට ප්‍රිය කරන පිරිසකුත් අපි අතර සිටීම කණගාටුවට කරුණක්.
මේවා පට්ටපල් බොරු බේගල් බව දැන දැනත් රස කර කර නැවත නැවතත් බෙදා හැරීම ඔවුන් විසින් සිදු කරනවා.
මීට කලින් ශලනි සහ ෂුගර් ඩැඩී යන මාතෘකාව ඔස්සේ පමණක් ඔවුන් අවස්ථා ගණනාවක්ම ශලනිව විනාශ කළා කිව්වොත් හරි.
ශලනි දිගින් දිගටම කියා සිටියේ තමා එහි වැරදිකරු නොවන බවයි.
ශලනිව නැතිභංගස්ථාන කරමින් ඇගේ ව්‍යාජ පුවත් ඇසින් දුටු සේ මවන්නට යූටියුබ් නාලිකා කටයුතු කළා.
“ශලනි උතුම් මව් පදවිය ලබයි. පුංචි පුතා නිහත වගේමයි” කියමින් එක් යුටියුබ් නාලිකාවක් වීඩියෝවක් මුදා හැර තිබෙනවා.
ඒ වීඩියෝව දින 13ක් ඇතුළත 156,000ක් බලා තිබෙනවා.
ඒකෙන්ම මේ ආතල්ලන්තේ වැසියන් ගැන හිතා ගන්න පුළුවන්.
දුකට සහ කණගාටුවට කරුණ වෙන්නේ සමහර විලිසංගියක් නැති යූටියුබ් නාලිකා නරඹන පිරිස ගැනයි.
පහත ජායාරූපය නරඹන යම් තරමක් ඔලුවක් තියෙන මනුස්සයෙක්ට නම් ඒක ව්‍යාජ එකක් කියලා තේරෙනවා.
ඒකට මහා දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ.
ශලනිගේ වැරදි තිබ්බද කියන කතාව අපි කිසිම කෙනෙක්ට අදාළ නැහැ.
මොකද ඒක ශලනිගේ පෞද්ගලික ජිවිතේ.
ශලනි හරි හයිය කෙල්ලෙක්. කොයිතරම් දෙනා මඩ ගැහුවත් හැමදේම හරි හයියට දරාගෙන සිටීමම ඇයගේ ශක්තිවන්තභාවය පෙන්වන දෙයක්.


 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25