hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:01



කියාදෙන්න ආදරේ තරම්‘ කියන්නේ තවමත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලබමින් විකාශය වන ටෙලි නිර්මාණයකි.

සචින් ලියනගේ එහි අභියෝගාත්මක ද්විත්ව රංගනයක නියැළෙන්නේ නිර්වාන් සහ අනුත්තර ලෙසින් ප්‍රධාන භූමිකාවට පණ පොවමිනි.

මියුසික් වීඩියෝ හරහා කලාවට අත්පොත් තැබූ සචින් අහස් මාළිගා ටෙලි නිර්මාණයෙන් රංගන දිවියේ දොරගුළු විවර කර ගත්තා.

නළුවෙක් විදියට සචින්ට ආදරේ කරන සෑහෙන තරුණියන් ප්‍රමාණයක් ඉන්නවා.

හැබැයි ඇත්තටම ඔහුට ආදරේ කරන්නත් චාන්ස් එකක් තියෙනවා ඔන්න.

මොකද මේ හැඩකාරයා තාම තනිකඩයි…

”ආදරය කියන්නෙ හරි ලස්සන හැඟීමක්.

මං හැමවෙලේම කියන දෙයක් තමයි හැඟීම් ගොඩක් එකතු වෙලා හැදෙන හැඟීමක් තමයි ආදරේ කියන්නේ.

දැනට නම් ආදරවන්තයෙක් නෙවෙයි.

මං බලාපොරොත්තු වෙනවා මට හොඳ සහකාරියක් හමුවෙයි කියලා…”

සචින් දැන් පුංචි තිරයේ අහිංසක පෙම්වතා වෙලා ඉවරයි.

පෙම්වතාගේ චරිතයට ඔහු ලබන ප්‍රතිචාරත් සෑහෙන්න.

”මට දැන් ආදරවන්තයාගෙන් වෙනත් චරිතයකට මාරු වෙන්න ඕන.

ෂාරුක් ඛාන් අදටත් ආදරවන්තයා වෙනව වගේ මගේ ඇතුළෙත් ආදරවන්තයා කැරැක්ටර් එක කවදාවත් එක්ස්පයර් වෙන එකක් නෑ.

මට ආසයි මෙතෙක් මං නොකරපු කැරැක්ටර් එකක් කරන්න.

වී ටීවී සීරීස් එකේ රවීන් කණිෂ්ක, ශලිනි වගේ කාස්ට් එකක් එක්ක මට මේන් විලන් කැරැක්ටර් එකක් ලැබුණා.

අපේ ආලින්දයේ ටෙලිවිෂන් එකටත් විලන් කෙනෙක් හරි ඒ වගේ වෙනස් කැරැක්ටර් එකකින් හරි එන්න ආසයි. අළු චරිතයක් නෙවෙයි මට ඕන කළු චරිතයක්…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: