hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:05



හැමෝම ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක් වුණ ශලනි තාරකා යුග දිවියට එළඹුනා.

කොහොම වුණත් ඇගේ විවාහය වෙනතුරුම සැමියාව පෙන්න ශලනි ටිකක් අදිමදි කළා නේ.

ඒත් දැන් නම් තවත් ඒක රහසක් නෙවෙයි.

ශලනිට ඉන්න යාළු යෙහෙළියෝ ගැන නම් වශයෙන් කියන්න බැහැ.

ඒකට හේතුව තමයි ඒ තරමට යාළුවෝ ඉන්න එකයි.

අනුරාධා එදිරිසිංහ ශලනිගේ මිතුරු ලැයිස්තුවේ උඩින්ම ඉන්න කෙනෙක් කිව්වොත් හරි.

ඇත්තටම අනුරාධා ශලනි ගැන කියනකොටත් හරිම ආදරණීය වෙනවා.

ඒ තරම් ඒ දෙන්නා ඒ දෙන්නාගේ ජීවිතවලට සමීපයි.

අනුරාධා – ශලනි මිතුදමට මේ වෙද්දී වසර අටක්ලු.

අනුරාධා කියන විදියට ඇයට ශලනිව දැනෙනෙන්නේ යාළුවෙක් විදියටත් වඩා සමීප බැඳීමක් හැටියට. තමන්ගෙම සහෝදරියක් විදියට.

”ශලනි අක්කත් එක්ක මට තියෙන්නේ හොඳම යාළුකමකට වඩා එහා ගිය සහෝදර බැඳීමක්.

ඇත්තටම හුඟදෙනෙක් මගෙන් අහද්දි එයා හොඳම යාළුවා නේද කියලා මම දෙන උත්තරේ තමයි නෑ එයා මගේ අක්කා කියලා.” ශලා ගැන අහන හැම වෙලාවකම අනුරාධා කියන්නෙ එහෙම.

පහුගිය දවස්වල සමාජ මාධ්‍ය පුරාම පුවත් මවන මාතෘකාව වුණේ ශලාගේ විවාහ මංගල උත්සවය.

අති උත්කර්ෂවත් විදියට පැවති ඇගේ විවාහ මංගල්‍යයේ අනුරාධාවත් කැපී පෙනුණා. ඊට හේතු කීපයක්ම තිබුණා. එකක් තමයි අනුරාධා ශලාට දුන්නු ආදරණීය තිළිණය…

”සඳ ගාවට උපමා ගේනා

ඒ තරමට සුන්දර ලන්දා…

සුභ නැකතට කුමරි වඩින දා

ඒ සතුටට මා හැඬුවා…

හදවත පතුලෙන් නැගෙනා

ආදරේ හාදුවක තියලා….

පතනෙමි සුභ වෙන්න කියලා

සංසාරයක් පුරා….

හදෙහි නැගෙනා තුටු මල් බෝමා

පවසනු බෑ මුව ගොළු වීලා

සොයුරියේ… මට දුන් ආදරේ…

මනිනු බෑ….මෙතකැයි කියා..//”

”ඇත්තටම එහෙම වචන වෙලා තිබුණේ ඇය සමග මට තිබුණු බැඳීම. ඉතින් ඒ උත්සාහය සාර්ථක වුණා.

කරපු ගීතයේ විශේෂත්වය තිබුණේ ගීතය ගායනා කළේ මම.

ඇත්තටම අපි දෙන්නම ඒ සින්දුව බලලා විනාඩි 5ක් විතර යනතුරු හොඳටම ඇඩුවා….”

ශලා කියන්නෙ විටෙක සමාජ මාධ්‍යයේ විවිධ වූ ”ආන්දෝලනාත්මක” කතා එක්ක කරළියට ආව චරිතයක්.

එහෙම තවත් එක ලොකු කතාබහක් ඇති වන කාලයකදියි ඇගේ කුමාරයා ගැන හැමෝම කතා කරන්න ගත්තෙ…

”ශලිනිට ලැබුණේ එයාට ගැළපෙනම කෙනා කියලා මට හිතෙනවා.

මොකද ඔහු එයාගේ ජීවිතයට ආවට පස්සේ ඇය සතුටෙන්, සැනසීමෙන්, සැහැල්ලූවෙන් ජීවත් වුණා…

නිහත ශලනි අක්කව ගොඩක් ආදරෙන්, සතුටින් බලා ගනීවි කියලා නම් හොඳටම ෂුවර්.

නිහත හරිම මිත‍්‍රශීලියි.

අවංක හිනාවක් හැම වෙලේම මූණෙ තියෙනවා…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: