hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:02



ශලනි තාරකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබමින් සම්මානයෙන් පිදුම් ලැබූ දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය විසින් වසර 20කට වඩා පැරණි වාර්තාවක් බිඳ හෙළන්නේ එක්තරා අවස්ථාවක සම්මාන උළෙලකදී  දක්ෂතම සහ ජනප්‍රියතම නිළිය යන තේමාවන් දෙක යටතේ සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වීමත් සමගයි.

මේ දවස් වල අපිට ඇයව බොහෝ දුරට දැකබලා ගන්නට ඉඩකඩ තියෙන්නේ  කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්නේහා කියන චරිතය සහ චලෝ ටෙලි නාට්‍යය තුළින්.

ඉතින් මේ ටෙලි නාට්‍යය දෙකටම මේ වෙද්දි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

ඒ වගේම ඇය විසින් රංගනයෙන් දායක වූ ගිරි දේවි, අග්නි පියාපත් සහ අඩෝ කියන ටෙළි නිර්මාණයන් ශලනිගේ රංගන ජීවිතයේ විශිෂ්ටම නිර්මාණයන් අතරින් කීපයක්.

ඒ වගේම තමයි මෑතකදී හිරු නාලිකාවේ විකාශය වූ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ සත්සරනිගේ චරිතය කළේ ශලනි. නමුත් ඇය මේ වෙද්දි ඒ චරිතයෙන් අයින් වෙලා.

කොහොමෙන් කොහොම හරි ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගතකරන ශලනි මාසෙකට ටෙලි නාට්‍ය දෙක තුනක රංගන කටයුතු වල නිරත වෙනවා.

මේ කියන්න යන්නේ ශලනි තාරකා ගැන නම් නෙවෙයි.

මේ කියන්නේ ශලනිගේ ආදරණීය අම්මා ගැන.එයා පසුගියදා උපන් දිනය සැමරුවා.

ශලනිගේ මවගේ උපන් දිනය වෙනුවෙන් ශලනි කාටත් හොරා එයාගේ අම්මාව පුදුම කරවන්න පුංචි සර්ප්‍රයිස් පාටි එකක් සූදානම් කරලා.

මේ වැඩේට එයාට උදව් කරලා තිබුනේ ශලනිගේ මස්සිනා.

මොකද මේ වෙද්දි නිහත සහ ශලනිගේ නංගි ලංකාවේ නැතිලු.

අනික එයාගේ මස්සිනත් ලංකාවෙන් යන නිසා හැමෝම එකතු වෙලා මේ වගේ දෙයක් සමරන්න කාලෙකින් වෙන්නෙත් නැති නිසා ශලනි ඉතින් මේ වගේ දෙයක් ලැහැස්ති කලේ.

කොහොම හරි ලඟම හිතවතුන් කිහිප දෙනෙක් සහභාගී වූ මේ පාටිය හරි ආදරණීය වෙලා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: