hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 මාර්තු 20, පෙ.ව. 9:44



ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්.

කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක් ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා.

ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය.

ඒ ආසන්න කාලෙකදිත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා.

ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්.

ශලනි තාරකා මේ වන විට විදෙස්ගත වෙලා තමයි ඉන්නේ.

ඒ ඇගේ සැමියා මේ වනවිට ජීවත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ නිසා.

ඉතින් මෙවර ස්ලිම් ඇන්ඩ් කැන්ටාර් සම්මාන උළෙල මීට සුළු වේලාවකට පෙර අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

ඒ කොළඹ මොනාච් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දි.

ඉතින් එහිදි ශලනිත් සම්මානයට පාත්‍ර වෙලා තිබුණා.ඒ හැමදාමත් වගේමයි.

ඉතින් ඇයට ඒ සම්මානය ගන්න නම් මෙවර රටේ ඉන්න බැරි වෙලා. ඉතින් එයාගේ ප්‍රේක්ෂකයන්ට නම් එක එතරම් සුබදායක දෙයක් නොවුණත් ශලනි එයාගේ ආදරේ මේ විදියට සටහන් කරලා තිබුණා.

උපුටා ගැනීම

නැවත වරක් මා සම්මානිත කල ආදරණීය ප්‍රේක්ෂක ජුරියට ස්තූතියි

මේ මෙහොතේ විදේශගතව සිටින බැවින් අද දවසේ මේ සම්මානය ලබා ගැනීමට නොහැකිවුවත් හදවතින්ම ගෞරවය පුදකරමි. ඒ වගේම අනිත් සම්මාන කාණ්ඩයන්ටත් වසර ගනනාවක් මුලුල්ලේ නොකඩවා මා නිර්දේශ කල ඔබට තුති

ආදරෙයි

-ශලනි තාරකා-





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: