hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 10:51



ශේන් සිංග් කියන්නෙ ප්‍රසංග වේදිකාව ඇතුළේ නිරන්තරයෙන් දකින්න ලැබෙන චරිතයක්.

ශේන් මෑතක දී ඔහුගේ නවතම සංගීත කණ්ඩායම ලයිව් වන් සමඟින් වෙනස්ම විදිහේ අත්හදා බැලීම් කිහිපයකුත් කරන්න පටන් අරන් තිබුණා.

කොහොම වුණත් ශේන් කියන්නෙ අසාධාරණය ඉස්සරහා බය බිරාන්ත නොවී කතා කරන චරිතයක්.

න්ගේ එක්තරා වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය කළඹමින් හුවමාරු වෙන්න පටන් අරන් තියනවා.

වීඩියෝවේ දැක්වෙන්නෙ ඔහු ප්‍රසංග සංවිධායකවරුන් කිහිප දෙනෙකුට බැන වදින ආකාරය.

‘ඒවා කොලිටි… මනුස්සකම ඉගෙන ගනින්, මනුස්සකම.. උඹලා ළඟ මනුස්සකම නෑ… සල්ලි විතරයි… ලොක්කට එන්න කියපන්… පිස්තෝල දාගෙන අනිත් උන්ට දාන පාට් මට නම් දාගෙන එන්න එපා. ඒ පාට් වලට නම් බය නෑ.. කොලිටියක් තියාගනින් මනුස්සයෙක් විදිහට…’

හැමෝටම මියුසික් දෙන්න හදන, ස්ටේජ් එකට මියුසික් සප්ලයි කරන්න වැඩ කරන කොල්ලො සෙට් එක වෙනුවෙන් තමයි ශේන් මේ විදිහට කතා කරන්නෙ.

‘එකෙක් තනි කරගෙන ගහන්නෙ මොන පො— යකෝ… තොපි පිරිමිද? අල්ලන්න එපා…. කතා කරන්න දීපන්… මල්ලි… ඇයි ග්‍රවුන්ඩ් එකේ එවුන්ට ගහන්නෙ.. අපි ප්‍රශ්නෙ විසඳලානේ ගියේ.’

‘මේ අහපන්… කොල්ලො මහන්සි වුණා.. පාන්දර හතර හමාරට ගියේ. තේ එකක්වත් දුන්නද උන්ට. උන්ට මම අතින් කන්න බොන්න දුන්නෙ… එහෙම උන්ට අපි යන එනකන් ඉඳලා ගහන්න තොපි චණ්ඩිද? උඹලාගේ කුහකකම විතරයි…’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: