hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2022 ජූලි 15, පෙ.ව. 9:03



පාර්ලිමේන්තු මාර්ගය පොල්දූව හන්දිය අසල දී අරගලකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ යුද හමුදා සාමාජිකයන්ගේ සුවදුක් සොයා බැලිමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා රෝහලට ඊයේ සවස ගොස් තිබෙනවා.

විරෝධතාවය අතරතුර යුද හමුදාවට එල්ල වූ එම  ප්‍රහාරයෙන් යුද හමුදා සාමාජිකයෝ සහ පොලිසියේ පිරිසක් තුවා ලැබුවා.

එම පිරිස යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබනවා.