hit counter

2024 මැයි මස 19 වන ඉරිදා

2024 මැයි 07, පෙ.ව. 12:04



ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්ව කාලයක් හැමෝගෙම ආදරය හිමිකර ගත් සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශෙරිල් ඩෙකර් කියල කියන්නේ.

ඇත්තෙන්ම තමන්ටම ආවේණික වු රංගන හැකියාවක් ඇති ඇයට ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්වීමට ගතවෙන්නේ ඉතාමත් කෙටි කාලයක්.

ඒ බව රහසක් නොවෙයි.

මේ අතර ඇයව අපට දක්ෂ රංගන ශිල්පිනියක ලෙස පමණක් නොවෙයි දක්ෂ නර්තන ශිල්පිනියක ලෙසත් හදුන්වන්න පුලුවනි.

කොහොම නමුත් ඇගේ පළමු ටෙලිනාට්‍ය අත්දැකීම වෙන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරුණු ‘අමා’ කියන ටෙලි නාට්‍යයටයි.

ඇය මෙම ටෙලි නිර්මාණයේ අමා කියන චරිතයට සිය රංගන දායකත්වය ලබා දුන්නු අතර මේ චරිතයට ලාංකීය ප්‍රේක්ෂක ප්‍රතිචාර විශාල ප්‍රමාණයක් හිමි වුණා.

කොහොම නමුත් ශෙරිල් මෙම නිර්මාණයේ ගැමි තරුණියකගේ චරිතයක් නිරූපණය කිරීම නිසාවෙන් ඇයට වෙනම ආදරේ කරන ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය වුණා.

රුවන් හෙට්ටිආරච්චි සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කළ එක්තරා මත විමසුමක් එහෙමත් නැත්නම් ඔහුගේ අදහස් දැක්වීමක් මේ වෙද්දි සමාජ මාධ්‍යයේ ලොකු කතාබහක් ඇති කරලා.

මේ ඔහු එක්කාසු කර තිබූ සටහන…

”තමන්ටම කියලා ගීත ටිකක් හාදා ගත්තොත් හොදයි නේද මේ අළුතින් එන ගායිකාවෝ ?

අනුන්ගේ ගීත ගායනා කරලා ෂෝ වලට නැගලා artist ලා කියලා පෙන්නන්න දගලන්නේ නැතුව.

එහෙම උනොත්තින් මේ කලාව හොද ප්‍රමිතියක් ඇතිව ඉදිරියට යයි කියලා මගේ අදහසයි.

(ඊර්ෂ්‍යාවකට නම් නොවේ) ඔගේ අදහස ?”

ඉතින් මේ සටහනට පක්ෂව වගේම ඊට විරුද්ධවත් බොහෝදෙනා අදහස් දක්වලා තිබුණා.

මෑත කාලීනව මෙරට සංගීත ක්ෂේත්‍රය ආශ්‍රිතව ආන්දෝලනාත්මක කතා කිහිපයක්ම පැතිර ගිය උණුහුම මැකී යන්නත් පෙරම, රුවන් හෙට්ටිආරච්චි පළකළ මෙම මතය සෑහෙන කතාබහක් මතුකර ඇති හැඩයි.

මේ අතර ඔහුගේ සටහන පළකිරීමෙන් අනතුරුව ශෙරිල් ද තරමක සැර සටහනක් තබා තිබුණා.

ඒ සංගීත ක්ෂේත්‍රය ගැන සේම ඇගේ ක්ෂේත්‍රය වුණු රංගනය ගැනත් අදහස් දක්වමින්…

”මේක මගේ පෞද්ගලික අදහස music field හරිම ගෞරවාන්විත field එකක්

මේ වෙනකන් field එක ලස්සනට ආවා

music දැනුම ඇති හරි ලස්සන මිනිස්සු ලස්සනට මේක අරන් ආවා.

සමහර bands මේ වගේ සංගීත දැනුමක් නැති field එක ගැන කිසිම දැනුමක් නැති බක්මහට හෙනගහලා වගේ ඉන්න ගෑනුන්ව form කරන්න හදන එක ගැන කණගාටුයි.

Copy කළ හැක සමකළ නොහැක කියලා කතාවක් තියනවානේ.

ඉතින් ඉස්සරහට මේ fied එකට එන්න හදන දක්ෂ ළමයින්ට ලොකු අසාදාරනයක් වෙනවා ඇත්තටම.

අපේ රංගන field එකත් දැන් මෙහෙම වෙලා ඉවරයි.

මේකේ අමුතු favouration තියෙන්නෙ.

මේක මගේ field එකට වෙලා ඉවරයි music field එකට නම් වෙන්න දෙන්න එපා.

මේක හැමෝම වෙනුවෙන් දාන දෙයක් මොකද සමහර අය බයයි වැඩ නැතුව යයි කියලා.

මම හැමදාම කෙලින් කතාකරන කෙනෙක් .

මම – ෂෙරිල් ඩෙකර් ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: