hit counter

2024 මැයි මස 20 වන සඳුදා

2024 මැයි 11, පෙ.ව. 12:02



ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්ව කාලයක් හැමෝගෙම ආදරය හිමිකර ගත් සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශෙරිල් ඩෙකර් කියල කියන්නේ.

ඇත්තෙන්ම තමන්ටම ආවේණික වු රංගන හැකියාවක් ඇති ඇයට ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්වීමට ගතවෙන්නේ ඉතාමත් කෙටි කාලයක්.

ඒ බව රහසක් නොවෙයි.

මේ අතර ඇයව අපට දක්ෂ රංගන ශිල්පිනියක ලෙස පමණක් නොවෙයි දක්ෂ නර්තන ශිල්පිනියක ලෙසත් හදුන්වන්න පුලුවනි.

කොහොම නමුත් ඇගේ පළමු ටෙලිනාට්‍ය අත්දැකීම වෙන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරුණු ‘අමා’ කියන ටෙලි නාට්‍යයටයි.

ඇය මෙම ටෙලි නිර්මාණයේ අමා කියන චරිතයට සිය රංගන දායකත්වය ලබා දුන්නු අතර මේ චරිතයට ලාංකීය ප්‍රේක්ෂක ප්‍රතිචාර විශාල ප්‍රමාණයක් හිමි වුණා.

කොහොම නමුත් ශෙරිල් මෙම නිර්මාණයේ ගැමි තරුණියකගේ චරිතයක් නිරූපණය කිරීම නිසාවෙන් ඇයට වෙනම ආදරේ කරන ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය වුණා.

ඉතින් එදා තිබුණ ආදරයම අදත් නොනැසී තිබෙන බව දැනගන්න ලැබෙනවා කියන්නේ කළා ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට මොන තරම් නම් වාසනාවක්ද?

ඉතින් මෙහෙම වාසනාවක් ශෙරිල්ටත් ලැබිලා.මේ ඇය එයාගේ ෆේස්බුක් ගිණුමේ තබා තිබුණු සටහනක්.

ඇත්තටම මම මේ tattoo එක දැක්කාම ගොඩක් shock උනා . මොකද මේක ඇත්තක්ද කියලා හිතාගන්න බැරි උනා .මට හිතුනේ මම මෙච්චර වාසනාවන්ත ද මේ වගේ ආදරයක් රසිකයෙක්ගෙන් ලබන්න . ඒකට හේතුව විදිහට මම දකින්නේ මම කරපු නිර්මාණ වලට මම සාදාරනයක් කරා කියන එක සහ ගුණාත්මකභාවයෙන් යුතු නිර්මාණ වලට මම දායක උනා කියන දේ.මම දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා තවමත් නොඅඩුව මට රසිකයින්ගේ ආදරය ලැබෙන නිසා ඇත්තටම මම මේ ක්ශෙස්තයට ඇවිත් දැන් අවුරුදු 18 ක කාළයක් වුනත් නොඅඩුව ලැබෙන රසික ප්‍රතිචාර අදටත් මට ලැබෙන්නේ මොකක් හෝ කරපු පිනකට වෙන්න ඇති . ආදරණීය මල්ලි ඔයාට මුලු හදවතින්ම ස්තූතියි කියනවා .දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔයාට ප්‍රාර්ථනා කරනවා .ඉතින් මට ආදරය කරන ඔබටත් වෛර කරන ඔබටත් ජේසු පිහිටයි !

ෂෙරිල් ඩෙකර්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: