hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 17, පෙ.ව. 12:05



ශිහාන් මිහිරංග කියන්නේ තරුණ ප්‍රේක්ෂක හදවත් ආදරණීය ගීත ගායනයෙන් මුසපත් කළ කඩවසම් නිහතමානී, රියැලිටි වේදිකාවෙන් බිහි වූ වෙනස්ම ගායන තරුවක් බව අපි හැමෝම දන්නවනේ.

ඉතින් මේ දවස්වල ශෙහාන් ගැන ගොඩාක් අය කතා බහ කරනවා.

ඔහු ප්‍රේක්ෂක හදවත් තුල කෙතරම් ලැගුම් ගත්තද කිවහොත් කාලයක් අපේ රටේ තරුණියන්ගේ සිහින කුමරා බවට පත්වෙලා ඉන්නවා.

ඒ ආදරය තවමත් නොඅඩුව ලබන ඔහු පහුගිය දවසක ”Dreamz of Shihan” නමින් ප්‍රසංගයක්ද සංවිධානය කරනවා.

ශිහාන් කොහෙද එතන ඇති රසික රසිකාවියන් ඔහු එන තුරු මඟ බලාගෙන.

හිස් අතින් නෙවෙයි, රතු රෝස අත දරාගෙන ආදරෙන් හදවත් පුරෝගෙන.

ඊට කදිම නිදසුනක් පහුගිය දවසකත් අපේ ඇස ගැටුණා.

රසිකාවියක් ශිහාන් වෙනුවෙන් ඇති සිය අසීමිත ආදරේ පෙන්වලා තිබුණේ වේදිකාව මත ඔහුව තදින් බදාගෙන.

මේක ශිහාන්ට අළුත් දෙයක් නම් නෙවෙයි කොහොමත්.

හැමදේකටම තියෙනවනෙ ධනාත්මක ප්‍රතිචාර වගේම විවේචන කියලා දෙයක්.

සමාජ මාධ්‍ය තුළ ඉන්න කෙනෙක් නම් ඒක ඔබට සාමාන්‍ය දෙයක් වනවාට සැක නෑ.

ඉතින් ශිහාන් වෙනුවෙන් වූ මේ අසීමිත රසික ආදරයට, ආකර්ෂණයටත් හොඳ ප්‍රතිචාර වගේම විවේචන සෑහෙන්න ලැබිලා තිබුණා.

”මම ශිහාන් ගේ පට්ට fan කෙනෙක්….ඒත් මේක දකිනකොට හරිම අප්පිරිය හිරිකිත feeling එකක් දැනෙන්නේ..සංයමයක් නැතිකම….ස්ටේජ් එක ලගට වෙලා සින්දුව අහලා බලලා clap එකක් දෙන්න පුලුවන් ගානට පරිණත උනා නම් ඇති ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: