hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 02, පෙ.ව. 10:44



අපේ රටේ දශක දෙකකට ආසන්න කාලයක් තරුණ ප්‍රේක්ෂක හදවත් ආදරණීය ගීත ගායනයෙන් මුසපත් කළ කඩවසම් නිහතමානී රියැලිටි වේදිකාවෙන් බිහි වූ වෙනස්ම ගායන තරුවක් ලෙස ශිහාන් මිහිරංග හැදින්විය හැකිය.

එම රියැලිටි තරුව ප්‍රේක්ෂක හදවත් තුල කෙතරම් ලැගුම් ගෙනද කිවහොත් කාලයක් අපේ රටේ තරුණියන්ගේ සිහින කුමරා බවට නිතැතින්ම පත් වුණා.

ඒ ආදරය තවමත් නොඅඩුව පවතින්නේ ඔහු තුළ තිබෙන නිහතමානී ලෙන්ගතුකම නිසයි.

ශිහාන් මිහිරංග තවතවත් ප්‍රේක්ෂක හදවත් තුළට සමීප වන්නේ හිරු ස්ටාර් රියැලිටි තරගයේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කිරීම නිසයි.

එම තරගයේ බොහෝ අවස්ථා වල ශිහාන් මිහිරංග සමග විනිශ්චය මණ්ඩලයේ අනෙකුත් අය මතවාදීමය ගැටුම් ඇතිවන අවස්ථා බොහොමයක් දකින්නට ලැබුණි.

එවන් පසුබිමක මෙවර හිරු ස්ටාර් සීසන් 4 තරගයේ විනිශ්චය කටයු කරන්නට ශිහාන් මිහිරංග නොපැමිණීම බොහෝ් දෙනෙකුට කෘතුහලයක් දනවන කාරණයක් බවට පත්විය.

එම කෘතුහලය තවත් වැඩිවන්නට වුණේ, හිරු ස්ටාර් සීසන් 4 තරගය ආරම්භ වූ මුල් දිනයේම එනම් සැප්තැම්බර් 30 වන දා හවස 7.00 ට කොළඹ මියුසියස් විදුහල් ශ්‍රවාණාගාරයේ දී ශිහාන් මිහිරංග ගේ විශේෂ ප්‍රසංගයක් සංවිධානය කර තිබීමයි.

මෙම ප්‍රසංගය සදහා මෙරට සංගීත සහ කලා ක්ෂේත්‍රයේ ඇතුලු ශිහාන්ට ආදරය කරන රසික රසිකාවියන් විශාල පිරිසක් පැමිණ සිටිනු දකින්නට ලැබුණා.

එහිදී තරුණියන් ශිහාන්ට මල් පොකුරු පිටින් පිරිනමන්නට ද අමතක කළේ නැහැ.

ඔහුට ලැබුණ ඒ ආදරය මුහුණු පොතෙහි පළ කරමින් ශිහාන්ට තවතවත් ඉදිරියට යන්නට සුභපැතුම් එක්කර තිබුණා.

ඇතැම් අය එහිදී කියා ඇත්තේ ඔබ නොමැති හිරු ස්ටාර් තරගය අපි තවත් නොබලන බවයි.

ඇත්තටම ශිහාන් මිහිරංගට හිරු ස්ටාර් තුළින් සිදු වූයේ කුමක් ද ?

මෙය හැමෝම වගේ අහන ප්‍රශ්නයකි.

ඉදිරියේදී මීට පිළිතුරු ලැබෙනු ඇති.

ඉතින්, මෙවන් තත්ත්වයක් තුළ සැප්තැම්බර් 30 මියුසියස් ශ්‍රවනාගාරයේදී ශිහාන්ට ලැබුණ ඒ ආදරය නම් වචන වලින් කියා නිමකරන්නට බැරිතරම්ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: