hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 08, පෙ.ව. 12:04



මනුස්සකම කියන දේ වියැකිලා යන කාලවකවානුවක මේ කියන්න යන්නේ මනුස්සකමේ කතාවක් ගැන.

“පිටතින් රැගෙන එන ආහාර ගැනීම තහනම්” අපේ සමහර ආපන ශාලා වල දකින්නට ලැබෙන දැන්වීමක් තමයි මේ. “කනව නම් අපෙන් ගත්ත ඒවා පමණක් කාපං” කියන එක තමයි ඔය කියන්නෙ. මමත් කිහිප සැරයක්ම මේ දැන්වීම නැති ආපන ශාලා කිහිපයකින්ම “ගෙදරින් ගෙනාව කෑම එකක් තියෙනවා. කෑවට කමක් නැද්ද” කියල අහල තියෙනවා.
බොහෝ අයගෙ උත්තර සතුටුදායක උනේ නෑ.

නමුත්, අද මම කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් තැනක් ගැන. පින්තූරෙ තියෙන ඔය පුංචි ආපන ශාලාව තියෙන්නෙ බණ්ඩාරවෙල ඉදන් උඩ පාරෙන් හපුතලේ යන අතරමග. අපේ දමිළ සහෝදරයෙක් කරගෙන යන මේ කඩේ තියෙන්නේ කහගොල්ල ජල පෝෂක ප්‍රදේශය පහුකළ ගමන්ම පාරෙ දකුණු පැත්තෙ.

මේ කඩෙන් කවුරු හරි අර විදියට ඇහුවොත්… ආ…..එන්න මාතියා….වාඩි වෙලා කන්න…..මේ පිගානෙ තියා ගන්න….
උණු වතුර එකක් දෙන්නම්…..සීතලයි නේද …. චිකන් හොදි පොඩ්ඩක් දෙන්නද….. සම්බල් ටිකක් දෙන්නද ……
වගේ බොහොම සුහදශීලී කතාවක් තමයි ඇහෙන්නේ.

කඩේ පොඩි උනාට ඒ සහෝදරයගෙ හදවත බොහොම විශාලයි. එයාගෙ බිරිදත් ඒ වගේමයි. උණු උණුවෙන් උළුදු වඩේ, තෝසේ , පරාටා, ආප්ප කනව නම්, තේ එකක් , එළකිරි එකක් බොනව නම් ගොඩවැදිලා බලන්න.

මම නම් ඔය පැත්තෙන් යනව නම් බඩගින්නක් නැතත් මේ කඩෙන් මොනව හරි කාලා වචනයක් කතාකරලා යන්නෙ බඩ නෙමෙයි හිත පුරෝගන්න. ඔයාලත් ගිහින් බලන්න.

(උපුටා ගැනීමකි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: