2022 අප්‍රේල් 29, ප.ව. 5:35
වත්මන් රජය ගොවියාගේ මළගම සිදු කරන බව පවසමින් ගොවීහු පිරිසක් අද (29) උදෑසන සිරිපාල ගම්ලත් අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට මිනී පෙට්ටියක් තබා පාංශකූලය ලබා දීම සිදු කළ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
පසුගිය 26 වන දින පොලොන්නරුව ගොවි ව්‍යාපාරයන් 4ට අයත් ගොවීන් එක්ව අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට ඇරඹූ අඛණ්ඩ උපවාසය සිව්වන දිනටත් පැවතුණා.
එයට සහය දක්වමින් ගිරිතලේ චන්දන පොකුණ ගොවීහූ මිනී පෙට්ටියක් රැගෙන විරෝධතා පාගමනින් අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටට පැමිණි මෙලෙස පාංශකූලය ලබා දීම සිදු කර තිබෙනවා.
විරෝධතාවයට ගොවීන් 200 කට අධික පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45