hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 07, ප.ව. 3:16



ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “තාරා ගේ ආගමනය” හා “කඩොල් ඇත්තු” (පරිවර්තන) නව කතා ද්විත්වය සහ “ ඇහේ කඳුළැලි” ගීතය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ඊයේ (06) පැවැත්වුණා.

නවකතා ද්විත්වයෙහි පළමු පිටපත් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණා.

අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු කථානායක කරූ ජයසූරිය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන අය වෙත කෘති පිළිගැන්වීම සිදු වුණා.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “ඇහේ කඳුළැලි” ගීතය යසස් මැදගෙදර විසින් සංගීතවත් කර තිබූ අතර ප්‍රවීණ ගායිකා අභිෂේකා විමලවීර විසින් එය ගායනා කරනු ලබනවා.

මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරනු ලැබුවා.

ආනන්ද විද්‍යාලයේ පුස්තකාලය වෙත පිරිනැමුණු ග්‍රන්ථ කට්ටලය එම විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක වෙත මෙහිදී භාර දෙනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: