2024 නොවැම්‍බර් 12, පෙ.ව. 12:02
මේ බම්බලපිටිය තට්ටු නිවාස සංකීර්ණයකින් ඇහෙන කතාවක්.
අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වූ පුද්ගලයකු මඟින් සම්බාහනයක් කරගැනීමට බම්බලපිටියේ තට්ටු නිවාස සංකීර්ණයක නිවසකට පැමිණි වෛද්‍යවරයකු නිරුවත් කර වීඩියෝගත කර එම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට තර්ජනය කරමින් රුපියල් ලක්ෂ දහයක මුදලක් මාර්ගගත ක්‍රමයට බැංකු ගිණුමකට බැර කරවා ගනිමින් සිදුකළ මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
දකුණු පළාතේ පිහිටි රෝහලක සේවයේ නිරත වයස අවුරුදු 35ක් පමණ වන වෛද්‍යවරයා කොළඹට නුදුරු ප්‍රදේශයක පදිංචිව සිටින්නෙක් බවයි පැවසෙන්නේ.
අන්තර්ජාලය හරහා සම්බන්ධ වූ පුද්ගලයෙක් සමඟ මෙම වෛද්‍යවරයා කෙටි කාලයක් සංවාදයේ යෙදෙමින් හිතවත්කමක් ගොඩනඟාගෙන තිබී තිබේ.
වෛද්‍යවරයා පොලීසියට පවසා ඇත්තේ දැන හඳුනාගත් පුද්ගලයා තමාට යොමු කළ ලොකේෂන් ඔස්සේ පසුගිය අටවෙනිදා සවස බම්බලපිටියේ මහල් නිවාස සංකීර්ණයකට ගිය බවයි.
තමා එම නිවසට ගියේ මුදලට සම්බාහනයක් කර ගැනීම සඳහා බවයි වෛද්‍යවරයා පොලීසියට පවසා ඇත්තේ.
නිවාස සංකීර්ණයේ දහවැනි නිවසට ගිය වෛද්‍යවරයාව අන්තර්ජාලය හරහා සම්බන්ධ වූ පුද්ගලයා විසින් පිළිගෙන කාමරයකට රැගෙන ගොස් ඇති බවත්, වෛද්‍යවරයාට එහි දී තුවායක් ලබාදෙමින් ඇඟපත සෝදාගෙන පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවත් තමා ඇඟපත සෝදාගෙන පැමිණ ඇති බැවින් නැවත සෝදා ගැනීමක් අනවශ්‍ය බවත් එහි දී වෛද්‍යවරයා පවසමින් සම්බාහනය කර ගැනීමට සූදානම් වී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
පොලීසිය සඳහන් කරන්නේ, එම අවස්ථාවේ දී වෙනත් කාමරයක සිටි පුද්ගලයන් සිවු දෙනෙක් එතැනට කඩා වැදී පැයකට ආසන්න කාලයක් වෛද්‍යවරයාව රඳවාගෙන ඇඳුම් ගලවා නිරුවත වීඩියෝගත කර ඇතැයි වෛද්‍යවරයා පවසන බවයි.
එසේ ලබාගත් වීඩියෝව අන්තර්ජාලයට සහ සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවට තර්ජනය කරමින් තමාගේ බැංකු ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ දහයක මුදලක් මාර්ගගත ක්‍රමයට ඔවුන් ලබාදුන් ගිණුම් අංකයකට හුවමාරු කළ බව ද වෛද්‍යවරයා බම්බලපිටිය පොලීසියට පැමිණිලි කර තිබේ.
මෙම ස්ථානයෙන් නිදහස්වූ පසු වෛද්‍යවරයා මේ බව තමාට හිතවත් නීතිඥවරයකුට පැවසීමෙන් පසු ඔහුගේ දැනුම් දීමට අනුව පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
ඒ අනුව බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් වෛද්‍යවරයා සමඟ ඔහු සඳහන් කළ තට්ටු නිවාස සංකීර්ණයට ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.
ඒ වනවිටත් එම නිවස වසා දමා සැකකරුවන් පලා ගොස් සිටි බව පොලිසිය සඳහන් කරන අතර නිවසේ හිමිකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි අනාවරණය වී ඇත්තේ.
නිවෙස් හිමියා එම නිවස කුලී පදනම මත ලබා දෙන්නක් බව ද අනාවරණය වී ඇත.
අන්තර්ජාලයේ වෙෙළඳ දැන්වීම් පළ කරමින් කුලියට දීමට තිබූ එම නිවස පසුගිය බදාදා දිනකට රුපියල් 12,500 බැගින් වූ ගෙවීම් පදනමක් මත යම් පුද්ගලයෙක් කුලියට ලබාගෙන තිබී ඇතැයි විමර්ශනවලින් හෙළි වී තිබේ.
එසේ තමාගේ නිවස කුලියට ගත් පුද්ගලයා කවුරුන්දැයි නිවෙස් හිමිකරු නොදන්නා බවත් නිවසේ යතුර පවා ලබා දී ඇත්තේ ගල්කිස්සේ සිට ගෝලයකු බම්බලපිටියට එවා ඔහු මඟින් බවත් අනාවරණය වී ඇතැයි පැවසේ.
මුදල් හුවමාරු කළ බැංකු ගිණුම ඔස්සේ විමර්ශන සිදුවන බවත් එම ගිණුම් හිමිකරු බැංකුවට ලබා දී ඇති ලිපිනයට අනුව කළ සොයා බැලීමක දී අනාවරණය වී ඇත්තේ ඔහු එම ලිපිනයේ මේ වනවිට නොමැති බවයි.
උසස් පොලිස් නිලධාරීන් සඳහන් කළේ, තවදුරටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවත් ආරක්ෂක කැමරා දර්ශන ද විමර්ශන කටයුතුවලට යොදාගෙන තිබෙන බවයි.
(උපුටා ගැනීමකි)
2024 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්‍බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:05
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24