hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 29, පෙ.ව. 12:02



සිරිපාදේ කරුණාව කියන්නේ අපි කවුරුත් දන්නා බොහොම අමාරු කටයුත්තක්.

හැබැයි මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්.

61 වියැති විශ්‍රාමික නාවික නිලධාරී රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා විසින් සාර්ථක කරපු හරි අපුරු ප්‍රයත්නයක් පිළිබඳව.

ඔහු පසුගිය පෙබරවාරි 15 වැනි දින පැය 18 යි විනාඩි 33 කින් සිරිපාදේ කරුණා කරන ප්‍රධාන මාර්ග 3 වන පලාබද්දල, කුරුවිට සහ හැටන් මාර්ග තුනෙන්ම සිරිපා කඳු මුදුනට ලඟා වීමයි.

පෙබරවාරි 15 වැනිදා උදේ 4.45 ට පානදුරේ තම නිවසින් පිටත් වෙන ඔහු උදැසන 7 වනවිට පලාබද්දලට පැමිණෙනවා.

උදෑසන 7.27ට පලාබද්දලින් සිරිපා කරුණාව ආරම්භ කරන ඔහු උදෑසන 10.16 වෙද්දී සිරිපා උඩ මළුවට ලඟා වෙනවා.

පසුව ඔහු එරත්න පාරින් පහලට බහින අතර අඩවි කන්දට දවල් 1.57 වෙද්දී ඔහු ලඟාවෙනවා.

පසුව නැවතත් අඩවි කන්දෙන් දවල් 2.30 ට ගමන පටන් ගන්නා ඔහු රාත්‍රී 7.04 ට නැවතත් උඩ මළුවට ලඟා වෙනවා.

පසුව හැටන් මාර්ගයෙන් පහලට බසින ඔහු රාත්‍රී 8.50 වෙද්දී නල්ලතන්නියට ලඟා වෙන අතර රාත්‍රී 9.10 ට නල්ලතන්නියෙන් සිරිපා කරුණාව පටන් ගන්නා ඔහු රාත්‍රී 10.50 වෙද්දී තෙවෙනි වතාවටත් නැවත උඩ මළුවට ලඟා වෙනවා.

ඉන්පසු නැවත පලාබද්දලින් බහින ඔහු පාන්දර 2 වනවිට පලාබද්දලට පැමිණ තම ගමන අවසන් කරනවා.

සමහරු හැටන් පාරේ උඩමළුවට ඇවිත් මහගිරිදඹට බැහැලා ආයෙත් උඩ මළුවට නැගලා මෙන්න මම ආයේ සිරිපාදේ නැග්ගො කියන කාලයක මේ විදිහට සම්පුර්ණ මාර්ග තුනම මුල සිට අගට නැගලා බහින එක නම් සැබෑ දක්ෂතාවයක්.

ඇතැම්විට මෙය සිරිපා කරුණා කල වාර්තාවක් ලෙසද අපට දක්වන්න පුළුවන්.

මන්ද පැය 18ක් තුල මීටර් 2,243ක් උසැති කඳු මුදුනක් වෙත මාර්ග තුනකින්ම කිලෝමීටර් 62 කට ආසන්න දුරක් ගමන් කිරීම සාමාන්‍යයෙන් කල නොහැක්කක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: