hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 24, පෙ.ව. 12:04



හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට තරුණියන් දෙදෙනෙකු සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 33 හැවිරිදි තරුණයකු ඉකුත් (19) දින උදැසන 10.00ට පමණ ශ්‍රි පාද උඩ මළුවේ සිට රත්නපුර මාර්ගය ඔස්සේ පහළට දිවවිත් ආරක්ෂිත වැටෙන් පහළට පනින ආකාරය ශ්‍රි පාද උඩ මළුවේ සවි කර ඇති ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබෙනවා.

අතුරුදන් වූ තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ 15 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් සහ නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් තරුණයා පහළට පැන ඇති ස්ථානයේ සිට කඹ ආධාරයෙන් පහළට බැස මෙහෙයුමක් දියත් කර තිබුණද අතුරුදන් වු තරුණයා පිළිබඳව මේ වන තෙක් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා

මෙම තරුණයාගේ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට සිරිපාගම පොලීසිය රත්නපුර මහාධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඇති අතර මෙම තරුණයා කන්දෙන් පහළට පැන ඇත්තේ සිය ජංගම දුරකථනයද අතැතිව බව සදහන්.

තරුණයා සොයා මෙහෙයුම දියත් කළද දුරකතනයක් හෝ තරුණයා එම ස්ථානයට වැටුණු සලකුණත්වත් නොමැති බව සදහන්.

එම අවට ප්‍රදේශය පරික්ෂා කලද අඩුම තරමින් ලේ පැල්ලමක් හෝ නොතිබු බැවින් ඇතිවූ සැකය මත දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට අවධානය යොමු වූ බව පොලිසිය පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: