hit counter

2024 මැයි මස 26 වන ඉරිදා

2024 අප්‍රේල් 22, පෙ.ව. 12:04



ශ්‍රි පාද වන්දනාවේ පැමිණ උඩ මළුවෙන් පහලට පැන අතුරුදහන් වූ තරුණයා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවන බව පොලිසිය පවසනවා.

එම මෙහෙයුම් සදහා යුධ හමුදාවද එක්ව සිටිනවා.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදි ආරක්ෂිත වැටෙන් පහලට පැන අතුරුදහන් වී තිබුණා.

මෙසේ ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට පැන අතුරුදහන් වි ඇත්තේ හම්බන්තොට සුරියවැවප්‍රදේශයේ පදිංචි දිනේෂ් හේමන්ත නැමති (33) යන අයයි.

මෙම තරුණයා සුරියවැව ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග පෙරේදා උදැසන ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මර්ගයෙන් පහලට බසිමින් සිටියදි එකවරම දිවගොස් ආරක්ෂිත වැටෙන් පහලට පනින අයුරු ශ්‍රි පාද උඩමළුවේ සවි කර තිබු ආරක්ෂිත කැමරා දර්ශන වල පටිගත වි තිබුණි.

ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට පැන්න තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින්ඊයේ උදැසන සිට ශ්‍රි පාද උඩ මළුව රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර ඇත.

ශ්‍රි පාද මළුවෙන් පහලට පැන ඇති තරුණයා මළුවෙන් පහලට පැනිමට ප්‍රථම සිහි විකල්වි සිටි බව එම තරුණයා සමග පැමිණි කාන්තාවන් දෙදෙනා නල්ලතන්නිය පොලිසිය වෙත පවසා ඇත.

අතුරුදහන් වු තරුණයා සම්බන්ධයෙන් රත්නපුර ශ්‍රි පාද මාර්ගයේ පිහිටි සිරිපාගම පොලිසිය වෙත ඔහුගේ ඥාතින් විසින් පැමිණිල්ලක් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: