2026 ජූලි 01, පෙ.ව. 12:13
තමන්ගේ ආදරණීය දියණියන් ගේ ජයග්‍රහණ අබියස සතුටු වෙන මාපිය යුවලක් ගැන මේ ඇසෙන්නේ වෙනස්ම කතාවක්.
දුක් විඳලා, නොයෙකුත් අභියෝග මැද දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න වෙහෙසුණු මේ අම්මායි තාත්තායි අද තමන්ගේ ජීවිතයම කැපකරන්න ඇති. එහි ප්‍රතිඵලයක් විදිහට අද මේ දියණිය උපාධිධාරිණියන් විදිහට සමාජයේ වැජඹෙනවා.
මේ පවුලේ බාල දියණිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිධාරිණියක් විදිහට සිය උපාධිය සම්පූර්ණ කරගත්තේ පසුගිය දිනකයි. ඒ රන් පදක්කමක් ද දිනාගනිමින්. මෑතකදී අන්න ඇය නිසා තමයි මේ පවුල ගැන ඇසෙන කතාව අලුත් වුණේ.
ඇය වගේමයි, මේ පවුලේ වැඩිමහල් දියණිය කැලණිය විශ්වවිද්‍යාලයෙන් බිහිවූ උපාධිදාරිණියක් වන අතර ඇය මේ වන විට වෘත්තියෙන් ගුරුවරියක්. දෙවැනි දියණිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් බිහිවූ නීතිඥවරියක්.
දරුවන්ගේ ජයග්‍රහණවලට වඩා දෙමාපියන්ගේ කැපවීම, දහඩිය සහ ආදරය අද ජයගෙන තිබෙනවා. ඇත්තටම මේ දෙමාපියන්ගේ හදවතේ සතුට වචනවලින් විස්තර කරන්න නොහැකිව ඇති. මේ ඇයගේ වැඩිමහල් සහෝදරිය වන මංජුලා ප්‍රේමරත්න මුහුණුපොතට එකතු කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්..
“සුබ පැතුම් මගේ චූටි නංගි
එදා ඉතිහාසය විෂයෙන් කැලණියේ batch top මම වුණා වගෙම
අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතිය batch top ඔයා
ඔයාට සුදුසු තැනක්ම ලැබේවා
– මම කැලණියෙන්
– ලොකු නංගි කොළඹින්
– ඔයා පේරාදෙණියෙන් උපාධිධාරිනියන් වුණේ නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නට..
අපේ අහිංසක දෙමව්පියන්ගෙ හිත්වල කොච්චර සතුටක් ඇත්ද?
නිදහස් අධ්‍යාපනය සදාකල් දිනේවා!”
2026 ජූනි 30, පෙ.ව. 10:07
2026 ජූනි 30, පෙ.ව. 12:13
2026 ජූනි 29, පෙ.ව. 12:28
2026 ජූනි 28, ප.ව. 4:01
2026 ජූනි 28, පෙ.ව. 12:11
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26