hit counter

2024 මැයි මස 19 වන ඉරිදා

2024 මැයි 09, පෙ.ව. 12:00



එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ආදරණීය ගායිකාවක් තමයි කියන්නේ.ඇය නිතරම සතුටින් විනෝදෙන් ඉන්න කෙනෙක්.සුජීවගෙ ජීවිතය දිහා බලපුවම විවාහය කියන තැනදි අයට නොයෙකුත් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වුණා.

මුලින්ම ඇය විවාහ වුණේ ගෙදරින් බල කරපු නිසා ඒ අවුරුදු දාසයක් වගේ ලාබාල වයසකදී.හැබැයි ඒ විවාහය සාර්ථක නොවනු නිසා ඇය ඔහුගෙන් වෙන්වෙනවා.ඊට පස්සේ අපි දන්නා පරිදි ඇය ක්ෂේත්‍රය තවත් දක්ෂ ගායකයෙක් සමඟ අවුරුදු පහක පමණ කාලයක් එකට ජීවත් වුණා.

හැබැයි මේ වන විට ඇය මේ කසාදෙනුත් වෙන් වෙලා ආදරණීය දියණියන් දෙදෙනා සමඟ සතුටින් ජීවිතය ගත කරනවා.සුජීව ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ ඕනිම කෙනෙක්ට මතක ඇති එයා හරිම මහතයි. ඒ වගේම ලොකුවට සුදු නෑ.උප්පත්තියෙන්ම ඇය කළු කෙනෙක් ඇත්තටම ඇය සුදුවුණු විදිහ ගැන හැමෝම අහල තිබ්බා.ඒ සම්බන්ධයෙන් සුජීවා කිව්වේ මේ වගේ කතාවක්.

“ඇත්තටම මම රූපලාවණ්‍ය  පැත්තෙන් ඉගෙන ගත්තේ මගේ පෙනුම වෙනස් කරගන්න.මොකද සමාජයෙන් හැමෝම මාව කොන් කලේ මගේ පාට නිසා අපේ ගෙදර හැමෝම ගොඩක් ලස්සනයි.සුදුයි.මම ගොඩක් ගැප් එකකින් පස්සේ ඉපදුණු කෙනෙක් ඒ නිසා මගේ පෙනුම  ගොඩක් පුංචි මගේ
අක්කයි අයියයි එක කොම්පෙයාර් කරද්දි මම ගොඩක් පුංචි කෙනෙක්.කොටින්ම කියනවනම් මම කළු නිසා මගේ අක්කගෙ දෙවෙනි මනමාලිට මාව ගන්න කැමති වුණේ නෑ. රෝස පාට ඇඳුමක් තමයි අඳින්න තිබ්බේ මට ඒක අන්දන්න බෑ කියලා තමයි මාව ගත්තේ නැත්තේ.හැබැයි එදා මගේ කරුමෙට ඒ දෙවැනි මනමාලෙට අසනීප වුණා. ඊට පස්සේ අන්තිමට කැත උනොත් මාව තමයි දෙවනමාලිට ගත්තේ.ඒ වගේ ගැටලු ගොඩකට මුහුණ දුන්නා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: