hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:06



කේ.සුජීවා කිව්ව ගමන් මතක් වෙන්නේ ඉගි මරන තරු රෑන ගීතයයි.

ඉතින් ඇය මේ වෙනකොට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් වෙලා ඉවරයි.

මේ වෙනකොට සුජීව සිය දෙවෙනි විවාහයෙන් පවා වෙන් වෙලා දරුවන් දෙදෙනා එක්ක ජීවත් වෙනවා.

විශේෂයෙන්ම ඇගේ විවාහ ජීවිතේ ගැන රසිකයින් බොහෝම උනන්දුවෙන් හොයන්න බලන්න ගත්තා. ඒ වුණත් සුජීවා ඒ සියලු රහස් එළිපිට කියන්න තරම් නිර්භිත ගැහැනියක් වුණා.

මෑතක ඈ යූටියුබ් නාලිකාවක් හා සම්මුඛ වෙමින් පුංචි සන්දියේ මතක බොහෝමයක් අවදි කර තිබුණා.

“මුලින්ම මගේ මේ කලර් එක ගැන මගේ ඔලුවට දැම්මේ මගේ අක්කා‌.. කලුයි කැතයි කියලා ඒක මගේ ඔලුවට දැම්මේ මගේ අක්කා. මම නම් ගම් කියන්න කැමති නෑ. දෙමළ ගෑනියෙක් ලේලි විදිහට ගෙන්නන්න කැමති නෑ කිව්වා, කට්ට කළුයි අපේ පවුල ළඟින් තියන්නත් බෑ කියන කතා සැරින් සැරේ ඇහුණා. මම ඒ වගේ දේවල්වලට විසඳුම් හොයනවා. මම හොයන්න ගත්තා සුදු වෙන විදිහ.. සූජිවා ඔයා පාට වෙලා කියලා කියන අයම පස්සෙ කියනවා මහතයි කියලා.”

“ෆැමිලි ඉශූශ් තිබ්බා මට. මට මැරි කෙරෙව්වෙ කොළඹ හැදිච්ච ක්ලබින් රේසින් පැත්තක හිටපු කෙනෙක්..ඒ මනුස්සයට මාව ගොන් ගෙඩියක් වගේ පේන්න ඇති. එයා බලාපොරොත්තු වෙන්නැති ලස්සන කොණ්ඩෙ කොටට කපලා හොඳට බොන, ඒ වගේ කෙනෙක්. බඳින්න කලින් පැනලා යන්න කියලා. ගෙදර ඉන්න එපා කියලා කිවුවා.

“එයා එක්ක මම තරහ නෑ. එයා ජීවතුන් අතර නෑ. අන්තිම කාලෙත් මම තමයි බලාගත්තෙ. ඒ මැරේජ් එක මම අංජලිව බඩේ තියාගෙන අවුරුදු හතක් ගිහින් ඩිවෝස් වුණා. අංජලීව හම්බුණා ම කතාව වෙන පැත්තකට යොමු වුණා. බබාව එයාලට දීලා නිදහස් වෙන්නලූ.. ඒ අම්මලා. පස්සෙ තමා අංජලීව අරන් කොළඹට පැනලා ආවේ. අංජලීව පරිස්සම් කරගන්න යි ඕනේ වුණේ…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: