hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 15, ප.ව. 5:44



ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ පිහිටා ඇති සාප්පු සංකීර්ණයක් තුළ පසුගියදා සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගියා.

ඉන් පස් දෙනෙකුම කාන්තාවන් වන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඔවුන් ඔවුන් වයස අවුරුදු 20ත් 55ත් අතර වයස්වල පසුවන්නන් බවට හඳුනාගෙන ඇති බව සඳහන්.

මිය ගිය සෙසු පුද්ගලයා 30 හැවිරිදි වියෙහි පසු වූ පාකිස්ථානු ජාතිකයෙකු වනවා.

ඔහු කෙටි කාලයක් මෙරට රැඳි සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පාකිස්ථානු ජාතිකයෙකු වන ඔහු පාකිස්තානයේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය හරහා ශ්‍රී ලංකාවේ සිට වසරකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන්.

ෆරාස් තාහීර්ගේ දෙමාපියන් තවමත් පාකිස්ථානයේ ජීවත් වන බව සඳහන්.

ඔහු ඕස්ට්‍රේලියාවේ සිය ප්‍රජාවේ වටිනා සාමාජිකයෙකු බවත් මුස්ලිම් තරුණ සංවිධානයේ පුණ්‍ය කටයුතු සඳහා ක්‍රියාකාරීව දායක වූ බවත් හමදියා මුස්ලිම් තරුණ සංවිධානය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා සිදු වූ මෙම පිහි ඇනුමෙන් මිය අයගෙන් තිදෙනෙකුගේ අනන්‍යතාව මේ වනවිට හඳුනාගෙන ඇති බව සඳහන්.

එම පිරිස අතර ව්‍යාපාරිකයෙකුගේ දියණියක ද සිටින බවයි වාර්තා වන්නේ.

ඉන් තුවාල ලැබූ කුඩා දැරියක් සිඩ්නි ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: