hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 12, පෙ.ව. 12:02



ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ වර්තමානයේ අතිශය ජනප්‍රියත්වයට පත් යොවුන් රංගන ශිල්පිනියක් තමයි ටනාෂා හතරසිංහ කියන්නේ.

ඒ බව නොරහසක්.

කොහොම නමුත් දියණියන් රැසකගෙන් සමන්විත ඇගේ පවුලේ පැවති විවාහ මංගල්‍යයක් කෙරෙහි පහුගිය කාලයේ මෙරට බොහෝදෙනෙකුත් අවධානය යොමුවෙලා තිබුණා.

ඉතින් මේ වෙනකොට කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් ඇය පිළිබඳ නැවත වරක් කතාබහ කරන්න පටන්ගෙන තිබුණා.

ඇයට ඉන්නවා හරි ලස්සන සහෝදරි‍යො ”සෙට් එකක්”.

ඒ මංගල්‍යයන් එක්ක තමයි ටනාශාගේ ”ලස්සන සහෝදරියන්” ගැන හොයන්න, කතාබහ කරන්න බොහෝදෙනා පෙළඹුණේ.

එහෙම ඔවුන් ගැන සෙවිල්ලෙන් ඉන්න රසික සමූහයටයි මේ ලියමන.

ටනාශා සිය ෆේස්බුක් ගිණුමට තරමක වේදනාත්මක සටහනක් එක්කාසු කරලා.

ඒ ඇයගේ සහෝදරියකගේ විදෙස්ගත වීමක් ගැන.

පුංචි කාලෙ ඉඳන් එකටම උන්නු සහෝදරියක් දුරකට යනවා කියන්නෙම ,සුබ පතන්න ඕනි කාරණාවක් වුවත් තරමක හිත රිදෙන කාරණාවකුත්නෙ…

ඉතින් ඒ ආදරණීය හැඟීම් තමයි ටනාශා මේ විදියට වචන කරලා තිබුණෙ….

”ජිවිතේ අපි ආදරේ කරන හැමකෙනාටම දවසක යන්න දෙන්න වෙනවා

පරිස්සමෙන් ගිහින් එන්න අක්කි බබෝ.

අදින් පටන් ගන්න ඔයාගේ ජිවිතේ සතුටම විතරක් ඉතිරෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.

හැමදාමත් අපි 4 දෙනා එකටනේ හිටියේ

අපිත් ඉක්මනට ඔයා බලන්න එන්නම්.

ආදරෙයි ගොඩක් Safe Flight ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: