hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 08, ප.ව. 12:02



හැමෝටම හැමදේම ලැබෙන්නේ නැහැ කියන එක සාමාන්‍ය තර්කයක්.

ගොඩක් වෙලාවට මිනිස්සු ගොඩක් අසරණ වෙන්නේ තමන්ට දේවල් අහිමි වීම මතයි.

තවත් පිරිසක් අසරණ වෙන්නේ තමන් විසින් තමන්ට අයිති දේවල් අහිමි කර ගැනීම මතයි.

හැබැයි තවත් වෙලාවකට මිනිස්සුන්ගේ ජිවිතේ වෙනස් වෙන්නේ තමන්ගේ රස්සාව එක්කයි.

සමහර විට ලොකු කාර්යාලවල ලොකු ඒසී කාමරේ ඉන්න, ටයි කෝට් දාන වැදගත් කියා ගන්නා උදවිය ළඟ නැති මනුස්සකම් පාර ලස්සන කරන මනුස්සයා ගාව තියෙන්න පුළුවන්.

ඔවුන් සැබවින්ම අව්‍යාජ පුද්ගලයින්.

ඒ වගේම පින් කරන්න සල්ලි යන්නේ නැහැ.

අපි එහෙම කියන්නේ ඕනේ කෙනෙක්ට ඒක කරන්න පුළුවන් කාරණයක් නිසා.

සමහරු රටට පේන්න පින් කරනවා. ඒකට නම් ඉතින් වියදම් කරන්නම වෙනවා.

පිරිසිදු කිරීම් කටයුතුවල නියැලෙන නගරසභා සේවකයෙක්ගේ හිස මත කඨින චීවරයක් තැබීමේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

මෙම ඡායාරූපයේ කතාව නම් දෙවසරකට පෙර එකක් බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: