hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූලි 12, ප.ව. 3:18



අරලියගහ මන්දිරයේ මාධ්‍ය අංශයේ තිබූ උපකරණ සොරාගෙන ගොස් ඇතැයි අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මාධ්‍ය අංශයේ තිබූ ලැප්ටොප් දෙකක්, වීඩියෝ කැමරාවක් හා තවත් කැමරා උපකරණ මෙලෙස සොරාගෙන ගොස් ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

ඉකුත් නව වැනිදා අරගලකරුවන් අරලියගහ මන්දිරයට ඇතුළත් වීමෙන් පසුව මෙම උපකරණ නැති වී ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

අරලියගහ මන්දිරයේ බිත්ති අතර ගුල් හාරා ඇතැයි ද දොර අගුළු කඩා දමා ලියකියවිලි විනාශ කර ඇතැයි ද අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

අරලිය ගහ මැදුරේ මාධ්‍ය ඒකකයේ  තිබූ භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු සටහන් ( log entry) නොමැති වීමෙන් පරීක්ෂණ වලට දැඩි බාධාවක් වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.