hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 11:51



2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගෙන තිබෙනවා.

ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වෙන් මෙසේ රන් පදක්කමක් දිනා ගෙන ඇත්තේ වසර 21කට පසුව බවයි වාර්තා වන්නේ.

රත්නායක විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන තරුෂි කරුණාරත්න මෙම දක්ෂතාව දක්වන්නේ 2002 වසරේ දකුණු කොරියාවේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී මළල ක්‍රීඩාවෙන් රන් පදකක්කමක් ශ්‍රී ලංකාවට දිනා දුන් සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශාගෙන් පසුවයි.

මීටර 800 කාන්තා ඉසව්වේදී තරුෂි කරුණාරත්න මිනිත්තු 2.03:20 ක කාලයකින් තරගය අවසන් කිරීමට සමත් වුණා.

තරුෂි ගැන හැමෝම කතා කරනවනෙ.

මුහුණුපොත පුරාවටම තියෙන්නේ තරුෂිව අගය කරපු පොස්ටු.

ඒවගේම අද පාර්ලිමේන්තුවේදී ද ඇයව අගයන්න කටයුතු කළා.

තරුෂි සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරී Don Supz විසින් හරි අපුරු සටහනක් තබා තිබෙනවා.

එහිදී ඇයව ඇගයීමට ලක් කරන අතර අය වෙනුවෙන් හෑලි ලිය විය යුතු බවයි ඔහු කියා සිටින්නේ.

මේ ඔහු ඇය ගැන තැබූ සටහනයි.

ඒශියන් ගේම්ස්වල රන් පදක්කම ගත්ත තරූශී ග්‍රවුන්ඩ් එකට ප්‍රැක්ටිස් කරන්න ආවම සල්ලි අතේ නෑ කියලා කුණුහරුපෙන් බැනලා තිබ්බ කතාවක පරණ වීඩියෝ එකක් දැක්කා. ඒ ළමයා ඒ කියන්නේ තවත් අඩු වයසකදි එහෙම වෙලා තියෙන්නේ. ඒ ප්‍රෙස් එකේදි වයසින් අඩු වුනත් ලොකු අධිෂ්ඨානයක් ඇතුව කියනවා මම කවදාහරි ඔලිම්පික් පදක්කමක් ගේනවා කියලා. ඒ කතාව කියද්දි මාරම අධිෂ්ඨානයක් ඒ ළමයගේ මුණේ තියෙනවා. තාම ඔලිම්පික් නැති වුනත් රටට දෙන්න පුළුවන් ලොකුම දෙයක් අරන් දීලා තියෙන්නේ. රුපියල් 30 අතේ නැතිව කතා අහගෙනත් තමන්ගේ ටාගට් එකට යන මාර කෙල්ලෙක්. තාම අවුරුදු 19 යේ මේ කෙල්ල ගැන ඇත්තටම හෑලි ලියවෙන්න ඕන. රීසෝර්සස් මුකුත් නැතිව ටාගට් වලට යන මේ ළමයි එක්ක බැලුවම ⁣අතට පයට සියල්ල ලැබිලත් අම්බ ගොබ්බයො වගේ වගකීමක් නැතුව පර්ෆෝර්ම් කරන, ටුවර්වල නැශනල් ඩියුටි ඉන්න ගමන් බඩු ගහන්න යන, ප්‍රෙස්වල ඉන්ටර්විව්වල පර්ෆෝර්මන්සස් ගැන ඇහුවම පර්ෆෝර්මන්සස් 0 තියන් පකීර් උත්තර දෙන ක්‍රිකටර්ස්ලා මොක්කුද කියලා හිතෙනවා. උන්ට ඇත්තටම අර මෙන්ටොර්ලා ඉන්නවානන් වයිඩ් ස්ක්‍රීන් එකක් දාලා මේ ළමයින්ව පෙන්නන්න ඕන.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: