hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 05, ප.ව. 1:07



2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගෙන තිබෙනවා.

ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වෙන් මෙසේ රන් පදක්කමක් දිනා ගෙන ඇත්තේ වසර 21කට පසුව බවයි වාර්තා වන්නේ.

රත්නායක විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන තරුෂි කරුණාරත්න මෙම දක්ෂතාව දක්වන්නේ 2002 වසරේ දකුණු කොරියාවේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී මළල ක්‍රීඩාවෙන් රන් පදකක්කමක් ශ්‍රී ලංකාවට දිනා දුන් සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශාගෙන් පසුවයි.

මීටර 800 කාන්තා ඉසව්වේදී තරුෂි කරුණාරත්න මිනිත්තු 2.03:20 ක කාලයකින් තරගය අවසන් කිරීමට සමත් වුණා.

මහනුවර දිස්ත්‍රිකයේ වලල, ඒ රත්නායක විද්‍යාලය අතීතයේ සිට මළල ක්‍රීඩාවට ඉතා දක්ෂ දු දරුවන් බිහි කල පළාත්, ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කල අති දක්ෂ දරුවන්ගෙන් පිරි පාසලක් බව වාර්තා වෙනවා.

වර්තමාන මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂකගේ ක්‍රියාකලාපය නිසා එම පාසලෙත්, මධ්‍යම පළාතෙත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඉතා ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට සිදු වී තිබෙනවා.

වලල, ඒ රත්නායක විද්‍යාලයට පුහුණු වීම් සදහා ඇත්තේ ප්‍රමිතියෙන් තොර මීටර් 200 ක ධාවන පථයක් බැවින් එය සකස් කර දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් වසර ගණනාවක සිට තිබෙනවා.

එලෙස ඉල්ලා සිටීමේ ප්‍රථිපලයක් ලෙස මීට‍ වසර 4 ට පමණ පෙර ක්‍රීඩා පිටිය සකස් කිරම් ආරම්භ කලද දැනට එය අතර මග නවතා දමා තිබෙනවා.

ඒ හේතුවෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මධ්‍යම පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් දිගන පළාත් ක්‍රීඩාංගනයේ පුහුණු වීම් සිදුකරගෙන යනු ලබනවා.

ඒ මධ්‍යම පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ජගත් කීර්ති මහතාගේ පුර්ණ සහයෝගය මතයි.

එහිදී ක්‍රීඩා පිටියේ හා කායවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු කටයුතු නොමිළේ කර ගැනීමට අවස්ථාව දී තිබෙනවා.

නව අධ්‍යක්ෂක වරයා විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඉහතින් සදහන්ව තිබු පහසුකම් සියල්ලම මුදල් ගෙවා ලබා ගන්නා ලෙස දන්වා තිබෙනවා.

නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ක්‍රීඩාංගනවල ඕනෑම ප්‍රදේශයක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ සියල්ලම නොමිලේ ලබා ගැනීමට හැකියාව පවතිනවා.

එම ක්‍රීඩාංගනයේ පුහුණු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට පුහුණු පැයකට රු 30කුත් කායවර්ධන පුහුණුව සදහා පැයකට රු 300කුත් ගෙවා පුහුණුවීම් කරගෙන යන ලෙස නව අධ්‍යක්ෂක වරයා විසින් දැනුම් දී තිබෙනවා.

නව අධ්‍යක්ෂක වරයා විසින් හදුන්ව දී ඇති මුදල් ගෙවා පුහුණු වීම් ලබාගන්නා ක්‍රමය යටතේ එක් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් අවමය මසකට රු.5000 කට අසන්න මුදලක් වැය කිරීමට සිදු වනු ඇත.

එසේම පෙර පරිදි පුහුණුවීම් කරගෙන යාමට දරුවන් අවසර ඉල්ලන විට  මෙම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ‘සමහර’ නිලදාරීන් පරුෂ වචනයෙන් පවා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බැන වැදී තිබෙනවා.

නමුත් ඔවුන්ද වැටුප් ලබන්නේ බදු මුදලින් බවත්, ඔවුන්ගේ කර්තව්‍ය වන්නේ මෙම දරුවන් රටට හිතැති ලෙස නිර්මාණය කිරීමට බවත් නොදැනෙන්නට තරම් මෙම නිලධාරීන් දූෂිතව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: