hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:16



බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ.

ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි.

ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්.

ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරද වරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් නිරූපිකාවක් විදිහට අද ඇය හොඳ තැනක ඉන්නවා.

ඉතින් මේ විදියට සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය ඇය, සිය මුහුණු පොතේ තබන ලද සටහනක් අපේ ඇස ගැටුණා.

බලන්නකො කියවලා මොකක්ද ඇය මේ කියන්නේ කියලා…

”සාරිය ඇන්දම

“අනේ එයා හරී හොද කෙනෙක් .

හරිම සරලයි , සංවරයි “

කලිසම ඇන්දම

“අපෝ එයා හරි නරකයි .

කොටට ඇදලා ,අරම කෙනෙක් වෙන්නැති”

රෙදි කෑල්ලකට පුලුවන් ද කෙනෙක්ගේ ඇතුලාන්තය මනින මිනුම් දණ්ඩක් බවට පත් වන්න

අනිවාර්යයෙන් තැනට ගැලපෙන විදියට අපි හැමෝම ඇදුම් අදින්න තරම් පරිණත විය යුතුමයි , නමුත්

ඔලුවේ ඉදන් කකුල් දෙකට යනකම් වහගෙන ඇදුම් ඇන්දත් වැඩක් නෑ….

ඒ රෙදි කෑල්ලට යටින් වැහිලා තියන පපුව ඇතුලේ පිරිලා තියෙන්නේ තරහව ,ඊර්ශයාව සහ කුහක කම නම්….

ඇදුමක් කිලිටි වුනාම සෝදලා ගන්න පුලුවන්

ඒත් හිතක් එහෙම එක පාරට පිරිසිදු කරගන්න ටිකක් අමාරුයි…

අන්න ඒ නිසා ,,

ඇදුමකින් කෙනෙක් ගැන චරිත සහතිකයක් දෙන්න කලින් දෙපාරක් හිතන්නම වෙනවා ‼️

~ත්‍රිකලා ධරණී~”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: