hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:11



පුද්ගලික උපකාරක පන්ති ව්‍යාපාරය අද වන විට මාෆියාවක් බවට පත්වී ඇතැයි උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.

මේ වන විටත් පුද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් අතර ගැටුම් නිර්මාණය වී ඇති බවද පවසන ඔහු ළඟදීම පුද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු වූ මරා දමන තැනට පත් වුණු දමනු ඇති බවද අනතුරු අගවයි.

උපකාරක පන්ති ගුරුවරුන් තමන්ගේ පන්තිවලට එන සිසුන්ගේ ප්‍රතිඵල හොඳ බව පෙන්වීම සඳහා ඉහළ ප්‍රතිඵල ලබා ගන්නා සිසුන්ට ලක්ෂ පහ බැගින් මුදල් ගෙවා ඔවුන් ගෙන් ප්‍රකාශ ලබා ගන්නා බවද හෙතෙම පවසයි.

එමෙන්ම විභාගය ආසන්න වත්ම නොමිලේ සිසුන් රැසකට වෙනම පුහුණු විභාගයක් ලියන්නට අවස්ථාව ලබා දී ඒ හරහා ඔවුන්ගේ තොරතුරු ලබාගෙන විභාග ප්‍රතිඵල අන්තර්ජාලයෙන් බලාගෙන ඒවායෙන් ඉහල ප්‍රතිඵල තමන්ගේ පංතියේ ප්‍රතිඵල ලෙස පෙන්වන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව ද හෙතෙම කියා සිටියේය.

වර්ධනය වන තත්ත්වයන් මත උපකාරක පංති ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි වනු ඇති බවත් ඉතා නුදුරේදීම මෙය අවසානයක් කරා පත්වනු ඇති බවත් ඔහු අනතුරු අගවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: