hit counter

2024 මැයි මස 15 වන බදාදා

2024 ජනවාරි 12, පෙ.ව. 12:02



ග්‍රහයා 2024 වසරෙහි ජනවාරි 7 වැනිදා රාත්‍රි 8.50ට ධනු රාශිය කරා පිවිසෙන අතර 2024 වසරෙහි පෙබරවාරි 1 වැනිදා ප.ව. 2.23 වන තෙක්ම තම ධනු රාශි චලිතය පවත්වාගෙන යයි.

මෙම ග්‍රහ ගෝචරයට අනුව 2024 වසරෙහි ජනවාරි 7 වැනිදා ආශ්‍රිත දිනවල අධ්‍යාපන, සන්නිවේදන, මාධ්‍ය වැනි ක්‍ෂේත්‍ර පිළිබඳවද, කුඩා දරුවන් සම්බන්ධවද විශේෂිත ආරංචිවලට ඉඩ කඩ ඇත. මෙම ග්‍රහ ගෝචරයට අනුව 2024 වසරෙහි ජනවාරි 7 වැනිදාට පෙර සහ පසුව එළැඹෙන දින කිහිපය තුළද ආගමික අංශ පිළිබඳව අසාමාන්‍ය ආරංචිවලට ඉඩකඩ පවතින බව පෙනේ.

තවද මෙම ග්‍රහ ගෝචරයට අනුව 1958 වසරෙහි පෙබරවාරි 8 වැනිදාත්, 1958 වසරෙහි ජුනි 2 වැනිදාත් අතර කාල සීමාව තුළද 1958 වසරෙහි නොවැම්බර් 7 වැනිදාත් 1961 වසරෙහි පෙබරවාරි 2 වැනිදාත් අතර කාලසීමාව තුළ කුමන හෝ දිනයක ඉපදුණු අයටද, 1987 වසරෙහි දෙසැම්බර් 17 වැනිදාත්, 1990 මාර්තු 19 වැනිදාත් අතර කාල සීමාව තුළ කුමන හෝ දිනයක ඉපදුණු අයටද, 1990 ජුනි 18 වැනිදාත් 1990 දෙසැම්බර් 14 වැනිදාත් අතර කාලසීමාව තුළ කුමන හෝ දිනයක ඉපදුණු අයටද 2024 වසරෙහි ජනවාරි 7 වැනිදාත්, 2024 වසරෙහි පෙබරවාරි 1 වැනිදාත් අතර කාලසීමාව තුළ ව්‍යාපාරවලින් විශේෂ ලැබීම්, ඉඩකඩම්වලින් විශේෂ ලැබීම් සහ මිතුරන්ගෙන් විශේෂ උදවු ලැබීම් පෙන්නුම් කෙරේ.

මීට කලින් ලිපියකින්ද සඳහන් කළ පරිදිම 2024 වසරෙහි ජනවාරි මාසය ‘මැජික්’ මාසයක් වන අතර ඒ අනුව 2024 වසරෙහි ජනවාරි 6 වැනිදා සිට ජනවාරි 31 වැනිදා දක්වා ඉදිරියට පවතින කාලසීමාව තුළද මහ සයුර තුළ ප්‍රබල භූ කම්පනවලටද, භුමි කම්පාවලටද, වෙනත් පොළොව සෙලවීම්වලටද ඉඩකඩ ඇත. එම සමහර භූ කම්පන නිසා ඇතැම් විට සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට පවා සිදු විය හැකිය.

මීට අමතර ලෙස මීට කලින් ලිපිවලින්ද සඳහන් කළ පරිදි 2024 වසරෙහි ජනවාරි මාසය මැජික් මාසයක් වීමට අනුව 2024 වසරෙහි ජනවාරි 8 වැනිදා සහ ඒ ආශ්‍රිත දිනවල රටෙහි ඉදිරි අනාගතය සම්බන්ධව තීරණාත්මක ආරංචියකට හෝ තීරණාත්මක සිදුවීමකට ඉඩකඩ පවතින බව පෙනේ.

2024 වසරෙහි ජනවාරි 15 වැනිදා පෙ.ව. 2.44ට රවි ග්‍රහයා මකර රාශියට පිවිසීමත් සමඟ මාසයක පමණ කාලයක් තිස්සේ පැවැති කෝණ මාස දෝෂය ඉවත්ව යන අතර ඒ අනුව විවාහ නැකැත් සහ නිවාස නැකැත් පිළියෙල කිරීමට තිබූ බාධාද ඉවත්ව යයි.

මීට අමතර ලෙස මෙම ග්‍රහ ගෝචරයට අනුව ඕනෑම වසරක ජනවාරි 15 වැනිදාත්, පෙබරවාරි 13 වැනිදාත් අතර කාල සීමාව තුළ ඉපදුණු අයට 2024 වසරෙහි ජනවාරි 15 වැනිදාත් 2024 වසරෙහි පෙබරවාරි 13 වැනිදාත් අතර කාල සීමාව තුළ සාර්ථක වීම් සහ ජයග්‍රහණ පෙන්නුම් කෙරේ.

ඉහත කී ආකාරයට රවි ග්‍රහයා මකර රාශිය කරා ප්‍රවේශ වීමට අනුව, 2024 වසරෙහි ජනවාරි 15 වැනිදා ආශ්‍රිතව සහ 2024 වසරෙහි ජනවාරි 15 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය සම්බන්ධවද දේපළ සම්බන්ධවද අසුබ ආරංචිවලට ඉඩකඩ ඇත. තවද මෙම ග්‍රහ ගෝචරයට අනුව 2024 වසරෙහි ජනවාරි 15 වැනිදාට පෙර හා පසුව එළැඹෙන දින කිහිපය තුළ ජාතික මට්ටමේ ජනතා නියෝජිතයන් සම්බන්ධව අවිනිශ්චිත සහ අසුබ ආරංචිවලට ඉඩකඩ ඇත. එමෙන්ම 2024 වසරෙහි ජනවාරි 15 වැනිදා ආශ්‍රිතව සහ 2024 වසරෙහි ජනවාරි 15 වැනිදායින් පසුව එළැඹෙන දින කිහිපය තුළ ආගමික අංශ පිළිබඳව සහ ප්‍රසිද්ධ පුද්ගලයන් සම්බන්ධව යම්තාක් දුරකට හෝ අසුබ ආරංචිවලට ඉඩකඩ ඇත.

(උපුටා ගැනීමකි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: