hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 23, පෙ.ව. 12:08



උදාරි චමිලා වර්ණකුලසූරිය දක්ෂ රංගන ශිල්පිනියක්.

සිංහල සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍යය තුලින්ද ඇගේ රංගනය අපට දැකගැනීමට පුලුවනි.

ඇය රග පෑ බොද මීදුම් ටෙලි නාට්‍යය මගින් ඇය බොහෝ ප්‍රසිද්ධියට පත් වුනා.

නමුත් දැන් ඇය රංගන ජිවිතයෙන් ඈත් වී අයිස්ලන්තයේ ජිවත් වන බව අපට දැනගන්නට ලැබුනා.

සුජිත් ඉන්දීවර විජේරත්න වන ඇයගේ සැමියා වෘත්තියෙන් වෛද්‍යවරයෙක්.

මොවුන් දෙදෙනාට එක් දියනියක් සිටින අතර ඇය නමින් ෂෙනාරියා උමේලි.

උදාරි 2007 ලෝක රූ රැජින තරගය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වන ලදී එම අවස්ථාවෙහිදී, ඇය මිස් ටැලන්ට්, මිස් ජනප්‍රිය සහ මිස් ක්ලෙයාර්නස් ෆේස් ඇතුළු බොහෝ කාණ්ඩ රැසක්ම දිනා ගත්තා.

සිනමාව හා නාට්‍යය කලාවට පිවිසීමට පෙර ඇය හොල්සිම් සහ නෙස්ලේ වැනි බොහෝ රූපවාහිනී වෙළඳ දැන්වීම්වල හා මියුසික් වීඩියෝවල අපට දැකගන්නට ලැබුනා.

වයස අවුරුදු 21 දී ඇය උදයකාන්ත වර්ණසුරියගේ පායා එන හිරු සේ චිත්‍රපටය හරහා සිනමාවට අවතීර්ණ වුණා.

මෙම හැකියාවන් නිසාම ඇයට පසුගියදා පැවති රයිගම් ටෙලීස් සම්මාන උළලේදී ජනප්‍රිය නිළිය සම්මානයද හිමි කර ගත්තා.

උදාරි විවාහ වී සිටින්නේ වෛද්‍යවරයෙක් සමඟ බව කවුරුත් දන්නා කියන දෙයක්.

ඇයට තියෙන්නේ අමුතුම සුන්දරත්වයක්.

ඇගේ රූපය එකපාරටම දැක්කම ඇත්තටම දැනෙන හැඟීම කියන්න තේරෙන්නේ නැහැ නේද…?

ඒ තරම්ම අමුතු චාම් ලස්සනක් උදාරිට තියනවා.. මේ බලන්නකෝ ඒ ඔසරියට ඇය මොනතරම් හැඩ ද කියලා..

ආයෙත් ආයෙත් ඇයට ආදරය කරන රසිකයින් අතර උදාරිගේ මේ ඡායාරූප පෙළ නම් ගොඩක් කතාබහට ලක්වේවි නේද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: