hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 09, පෙ.ව. 12:08



නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් විදියට කලා ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න දක්ෂ කලා ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ.

ඇය පළමුවෙන්ම රංගනයෙන් දායක වුන ටෙලිනාට්‍යය තමයි ස්වාධීන රූපවාහිනියේ විකාශනය වුනු ‘බොද මීදුම්’ ටෙලිනාට්‍යයයි.

ඉතින් ඒ වගේම පුංචි තිරයේදී පමණක් නෙමෙයි සිනමාව තුළත් විවිධ දක්ෂතා දක්වපු කෙනෙක් තමයි උදාරි කියන්නේ.

මේ වන විට විවාහ වෙලා අවුරුදු 10ක ළමයෙක් ඉන්න උදාරි සැමියා සමගින් සිංගප්පූරුවේ තමයි ජීවත්වෙන්නේ.

ඉතින් සතුටින් කාලය ගත කරන උදාරි සම්මානනීය රංගන ශිල්පිනියක්.

උදාරි රංගනයේ යෙදෙන “ආසු” සිනමාපටය මේ දිනවල ඉතාමත් ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර සමගින් තිරගත වෙනවා.

මෙම සිනමාපටයේ උදාරි නිරූපනය කරන්නේ පියයුරු පිළිකාවකින් පීඩා විඳින කාන්තාවකගේ චරිතයයි.

හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ දියණියක වන ඉන්දිරා ජයසූරිය මහත්මියගේ ජීවිත කතාව අලලා මෙම සිනමාපටය නිර්මාණය වී තිබෙන බවට මෙහි අධ්‍යක්ෂ සංජීව පුශ්පකුමාර පවසා තිබුනා.

ඒ වගේම මෙම සිනමා පටයේ උදාරිගේ චරිතය වෙනුවෙන් සිදු කල වේශ නිරූපනය ගැනත් බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වුණා.

ඒ වේශ නිරූපනය එතරම්ම තාත්වික අන්දමට සිදු කර තිබුනා.

මෙම සිනමාපටය වෙනුවෙන් වේශ නිරූපනය සිදු කලේ නාරද තොටගමුවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: