2024 සැප්තැම්බර් 01, පෙ.ව. 12:02
‘කුමුදුමාලී ඩබ්ලිව්. යූ’ මේ වන විට සමාජ ජාලා කළඹුපු වීඩියෝ පටය ඔබට මතක ඇති.
මේ ඇයගේ පියා පුවත්පත් සාකච්ඡාවකදී පළ කර තිබුණ අදහස්.
“දුව ඉපදුණේ 1993 ජුනි 26 වැනිදා ගම්පහ මහ රෝහලේදි. ඒ දවස්වල මම වැඩ කළේ ගම්පහ. එදා උදේම මම ගම්පහ ටවුමෙ ඉන්න ජ්යෝතිෂවේදියෙක්ගෙ කාර්යාලයට ගියා දුවට නමක් දාන්න සුබ අකුරු ටිකක් බලා ගන්න. ඒ වෙලාවේ එතැන ලොකු සෙනඟක් හිටියා.මම දොරින් ඇතුළු වෙද්දිම ජ්‍යෝතිෂවේදියා සෙනඟ අතරින් මට අඬගහලා කිව්වා, කුලුඳුලේ වාසනාවන්ත ගෑනු දරුවෙක් ඉපදිලා ඉන්නවා නේද? හතර කේන්දරේම හොඳ දරුවෙක්.ගොඩක් ඉහළ තැනකට යන කෙනෙක් කියලා මට අක්ෂර 4ක් ලියලා දුන්නා. මගෙන් සල්ලි ගත්තෙත් නැහැ. එතැන ඉඳලා රෝහලට පයින් එන අතරෙයි මම දුවට නම හැදුවේ.
ලොකු වෙද්දි දුව ඒ නමට එච්චර කැමැති වුණේ නැහැ. ඒත් මම දුවට හැම වෙලාවෙම කිව්වෙ,” පුතේ ඔයාට ඔය නම කැතයි කියලා හිතුණට ඔය නම ප්‍රසිද්ධ වුණොත් ඒක ලෝකෙට කැත නමක් වෙන්නෙ නෑ” කියලා. මම එහෙම කිව්වේ ජ්‍යෝතිෂවේදියාගේ අනාවැකිය හිතේ තියාගෙන නෙවෙයි. මේ ජයග්‍රහණ ලබාගන්න මගේ දුව විඳපු දුක් කන්දරාව නිසයි. අපි එයාගේ ඉලක්කයට යන්න පාර හදලා දුන්නා විතරයි. මේ හැමදේම එයා උත්සාහයෙන් ලබාගත් දේවල්. දුවෙක් මේ තරම් ඉහළට ගියාම තාත්තා කෙනෙකුට කොච්චර සතුටුද? ඒ මගේ දුව… ඒත් මට හිතෙන්නෙ එයා දැන් මේ රටේම දුවෙක් කියලා…”
“ඒ සතුට කියන්න වචන නෑ. දැන් අපි මැරුණත් කමක් නෑ කියලා හිතෙනවා. පොත් මිසක් දුව චූටි කාලෙවත් බෝනික්කෙක් ඉල්ලලා නැහැ. පෙර පාසල් යද්දි අරගෙන ගියෙත් කුමාරෝදය පොතක්. දුව ලැබෙන්න අමාරු වෙලා හදිසියේ රෝහලට ඇතුළත් කළ නිසා ඕන කරන දේවල් ගෙනිච්චෙ නෑ. රෝහලේ ඉන්නකොට මම ගත්ත ලොතරැයියට රුපියල් පන්දාහක දිනුමක් ලැබුණා. ඒකෙන් තමයි ඕන කරන බඩු ගත්තෙ. ඉපදෙද්දිම වාසනාව අරගෙන ආව පින් ඇති දරුවෙක්. මම ආසාවෙන් හිටියෙ පුතෙකුට. ඒත් රෝස මලක් වගේ ලස්සන දුව දැක්කම ලොකු සතුටක් දැනුණා. දුව දැන් දුර රටක ඉන්න එක දුකක්, පාළුවක් වුණත් එයා ලෝකෙම දිනලා එනකම් අපි බලාගෙන ඉන්නවා.”
2025 පෙබරවාරි 09, පෙ.ව. 12:03
2025 පෙබරවාරි 08, ප.ව. 9:07
2025 පෙබරවාරි 08, ප.ව. 7:13
2025 පෙබරවාරි 08, පෙ.ව. 12:09
2025 පෙබරවාරි 07, පෙ.ව. 12:07
09-02-25
09-02-25
09-02-25
09-02-25
09-02-25
09-02-25
09-02-25
09-02-25
08-02-25
08-02-25
08-02-25
08-02-25
08-02-25
08-02-25
08-02-25
08-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
06-02-25
06-02-25