hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 24, පෙ.ව. 12:02



උමාලි තිලකරත්න කියන්නෙ ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුළ වගේම රිදී තිරයේත් ඉහළින්ම වැජඹෙන අතිදක්ෂ ශිල්පිනියක්.

පසුගිය දිනෙක පැවැත්වුණු සුමති සම්මාන උළෙලත් සමඟ උමාලිට බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වුණේ ඈ පසුගිය වර ද සම්මානලාභී වූ නිසයි.

සම්මාන ලැබූ පසු උමාලි කියූ කතාවකුත් සමාජ මාධ්‍යයේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා ඔබට අමතක නැතුව ඇති.

අවසානයේ මේ සම්මාන අර්බුදය නිසාම උමාලිව විවේචනය කරන්නත් බොහෝ පාර්ශව පෙළඹුණා. 

කෙසේ වෙතත් මෙවර සම්මාන උළෙලදී උමාලිගේ පළමු විවාහයේ හිමිකරු වූ සාරංග සම්මානලාභී වනවා.

පිතෘ හි නිරූපණය කළ චරිතය නිසා මෙවර උමාලිත් සම්මාන අතරට නිර්දේශ වෙලා හිටියා.

ඒ ගැන ඇය සම්මාන උළෙලින් අනතුරුව අදහස් දක්වලා තිබුණේ මෙහෙමයි.

‘පිතෘ ටෙලි නාට්‍යයේ ගෞරිගේ චරිතයට… හොඳම නිළිය කියන අංශයෙන්.. මමත් නිර්දේශ වෙලා හිටියා. මෙහෙමයි.. ජූරිය වෙනස් වෙනවා, එයාලා බලන විදිහ වෙනස් වෙනවා. ඒ නිසා අපිට ඒ වෙන ඔිනෑම දෙයක් සාධාරණයි කියන තැනට පිලිගන්න වෙනවා. මම හැමදාම කියන්නෙ, උද්යෝගය වැඩියෙන්ම තියෙන්නෙ හමුවෙන පිරිස එකිනෙකා හමුවෙන්න, තොරතුරු බෙදාගන්න තියෙන අවස්ථාව නිසා….ඇත්තටම ක්ෂේත්‍රයක අවංකව උද්යෝගයෙන් වැඩ කරන්නෙ කවුද කියලා අපි දන්නවා.. එතකොට ඒ අයව දැක්කම ඒ අය නිර්දේශ වුණත්, නොවුණත්… ඒගොල්ලන්ව ඇගයීමට ලක් වෙනව නම් ඒක ලොකු සතුටක්…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: