hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 22, පෙ.ව. 12:00



සජිත් ප්‍රේමදාස යනු ඉතා ම මෝඩ මනුස්සයෙක් බවත් ඔහු ඇසුරු කිරීමෙන් තමන් එය අවබෝධ කරගත් බවත් උපුල් ශාන්ත සන්නස්ගල පවසයි.

ඔහු වේදිකාවේ කියන ආකාරයට රාත්‍රියට ද වැඩ කරන අයකු නොව ස්විමිං ෆූල් එකේ නෑම ද ආරක්ෂකයින් පිරිවරා ගෙන කරන අයකු බවයි, සන්නස්ගල සඳහන් කළේ.

ජවිපෙ සහ අනුර දිසානායකලා හැමදාම කළේ ජනතාව දැනටම දන්නා හොරකම් වංචා ටික නැවත ජනතාවට මහ හඬින් කීම බව ද එසේ නොමැතිව ආර්ථිකය හෝ රට හැදීම පිළිබඳ කිසිදු නව අදහසක් ඔවුන්ට නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.

මේ අය සමග සසඳා බලන විට රනිල් වික්‍රමසිංහ හොඳ බවත් ඔහුට ජාත්‍යන්තරය සමග ඩීල් එකක් දමා ගෙන හෝ වැඩ කළ හැකි බවත් උපුල් ශාන්ත සන්නස්ගල වැඩි දුරටත් ප්‍රකාශ කරයි. එසේ ම රනිල් වික්‍රමසිංහ පන්සල් යන්නේ බයියන් රවටා ඡන්ද ගැනීමට බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: