hit counter

2024 ජූනි මස 19 වන බදාදා

2024 මැයි 19, පෙ.ව. 12:01



විනූ සිරිවර්ධන කියලා කියන්නේ රූපවාහිනිය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන නිරන්තරයෙන්ම සුන්දර සිනහවකින් මුව සරසාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  

ඉතින් ඇය රංගන ශිල්පිනියකට අමතරව දක්ෂ නිවේදන ශිල්පිනියක් වගේම සුරූපී රූ රැජිනක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්.

ඒ වගේම අපේ රටේ කලාකරුවන් අතරින් ඉහලින්ම ඉන්න ආදරණීය සුන්දර නිළියක්, නිරූපණ ශිල්පිනියක් සහ රූපවාහිනී නිවේදිකාවක් විදිහට කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ඇය 2012 දී මිස් වර්ල්ඩ් 2012 තරඟය සඳහා සහභාගී වෙලා එහිදී මිස් වර්ල්ඩ් 2012 තරඟයේ ජයග්‍රාහිකාව බවටද පත්වීමට වාසනාවන්ත වුණා. 

ඉතින් ඒ වගේම නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුල ක්‍රියාකාරී චරිතයක්ව දැකගන්න ලැබෙන ඇය ඇයගේ ආදරණීය සැමියා කසුන් එක්ක ගෙවන සුන්දර ජීවිතේ ගැනත් අපි නිතරම රස බර පුවත් ඔබ වෙත අරගෙන එනවත් ඔබට මතක ඇති.

ඉතින් කාටත් ආදර්ශයක් ලබා දෙමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ඇය බොහොම සුන්දර විදිහට සතුටින් ගෙවන කෙනෙක් කිවුවොත් හරියටම හරි.  

ඒ වගේම ඇය විවාහ වෙලා ඉන්නේ අපේ රටේ ජනප්‍රිය කථිකාචාර්යවරයකු සමඟයි. ඉතින් ඔහු තමයි අපේ රටේ දක්ෂ ජනප්‍රිය ආර්ථික විද්‍යා ගුරුවරයෙකු ලෙස සේවය කරන කසුන් ලියනගේ.

ගෙවුණු වසරේ (2023) ඇය සිය නමට තවත් වටිනාකමක් එක්කාසු කරගන්න සමත්කම් දැක්වූවා.

ඒ සාමවිනිසුරු තනතුරෙන් පිදුම් ලබමින්.

එහෙම තනතුරක් ලද ඈට මෙවර (2024) තවත් සුවිශේෂී අවස්ථාවකට සහභාගී වෙන්න ආරාධනා ලැබිලා.

ඇය සිය සමාජ මාධ්‍යවල මෙලෙස සටහනක් තබා තිබුණා.

”මෙවර සාමවිනිසුරු පත්වීම් ප්‍රදානෝත්සවයේ ආරාධිතයෙකු ලෙස සහභාගි වීමට ලැබීම මා ලද භාග්‍යයකි. එසේම අඩු වයසකදි විශාල වගකීම් සහිත වටිනාකමක් ඇති තනතුරක් ජීවිත කාලය තෙක් දැරීමට ලැබීමද මා ලද භාග්‍යයකි. ඔබේ දියුණුවට සුභ පතන, උදව් කරන අයට වඩා කකුලින් අදින පිරිස වැඩි වේවී. ඒත් ඔබ ඔබේ වගකීම් අවංකව ඉටුකරන්න. එවිට කිසිවෙකුට ඔබේ ගමනට බාධා කල නොහැක.

Vinu Siriwardana”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: