2026 ජූනි 30, පෙ.ව. 10:07
කුඩා බළලෙකු වඩාගෙන ඉත්තෑ පැටවෙකු ද කැටුව කුඹුරු යායක් මැදින් වැටී ඇති පටු අඩි පාරක ඇවිද යන කුඩා දැරියකගේ සංවේදී දර්ශන ඇතුළත් වීඩියෝවක් මෑතකදී සමාජ මාධ්‍ය ජාලාවල දැඩි අවධානයට ලක්විය. ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ගේ හදවත් දිනාගත් මෙම වීඩියෝ පටය බංග්ලාදේශයේ ග්‍රාමීය පරිසරයක සිදු වූවක් බව පවසමින් ෆේස්බුක් ඇතුළු විවිධ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ විශාල වශයෙන් සංසරණය වන්නට විය.
ප්‍රසිද්ධියක් උසුලන ‘ද ටෙලිග්රාෆ්’ (The Telegraph) පුවත්පත පවා සිය සමාජ මාධ්‍ය පිටුවල මෙම දර්ශන බංග්ලාදේශයට අයත් බව හඟවමින් සහ ‘#Bangladesh’ යන හැෂ්ටැගය භාවිතා කරමින් අදාළ දැරිය බංග්ලාදේශ ජාතිකයකු ලෙස හඳුන්වා දී තිබුණි.
කෙසේ වෙතත්, බංග්ලාදේශයේ සිට ක්‍රියාත්මක වන ‘ස්ට්‍රීම්’ (Stream) නමැති කරුණු තහවුරු කිරීමේ ආයතනය විසින් සිදු කරන ලද විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ මෙම වීඩියෝව බංග්ලාදේශයේ නොව, ශ්‍රී ලංකාවේ රූගත කරන ලද එකක් බවයි. ඔවුන් මෙම වීඩියෝවේ ප්‍රධාන රූප රාමු උපයෝගී කරගනිමින් අන්තර්ජාලය ඔස්සේ සිදුකළ ප්‍රතිලෝම සෙවුම් තාක්ෂණික (Reverse Image Search) පරීක්ෂාවකදී, ශ්‍රී ලංකාවේ නිල භාෂාව වන සිංහලෙන් ලියැවුණු සටහනක් සොයා ගැනීමට හැකි වී තිබේ. එම සටහන “ගමක අසිරිය සංහිදියාව හා සුන්දර ලමාවිය” යනුවෙන් දක්වා තිබීම මෙම කරුණු සනාථ වීමට මඟ පාදා ඇත.
මේ පිළිබඳව තවදුරටත් සොයා බැලූ එම කරුණු තහවුරු කිරීමේ කණ්ඩායම, මෙම වීඩියෝ පටය මුලින්ම අන්තර්ජාලයට එක් කර ඇත්තේ ‘ප්‍රභාත් සිල්වා’ (Prabath Silva) නමැති ෆේස්බුක් ගිණුමකින් බව අනාවරණය කරගෙන තිබේ. පසුගිය ජුනි මස 11 වනදා එම ගිණුමට එක් කර තිබූ මෙම දර්ශන පෙළ සඳහා “අක්කා එක්ක කුබුරු යන ඉත්තෑ මල්ලි” යනුවෙන් සිංහලෙන් සටහනක් තබා තිබුණි. මෙම වීඩියෝවේ පසුබිම තවදුරටත් තහවුරු කරමින්, අදාළ ෆේස්බුක් ගිණුමේ හිමිකරු ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතට අයත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු බව ඔහුගේ ගිණුම් තොරතුරු මඟින් සනාථ වී ඇත.
එම ෆේස්බුක් ගිණුම නිරීක්ෂණය කිරීමේදී අදාළ දැරිය සහ ඉත්තෑ පැටවා අතර පවතින සබඳතාවය පෙන්වන තවත් වීඩියෝ කිහිපයක්ම සොයා ගැනීමට කරුණු සනාථ කරන්නන්ට හැකි වී තිබේ.
2026 ජූනි 30, පෙ.ව. 12:13
2026 ජූනි 29, පෙ.ව. 12:28
2026 ජූනි 28, ප.ව. 4:01
2026 ජූනි 28, පෙ.ව. 12:11
2026 ජූනි 28, පෙ.ව. 12:06
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
27-06-26
27-06-26