hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 22, පෙ.ව. 12:02



ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විශ්ව බුද්ධ නමින් පෙනී සිටි චීවරධාරියා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

සැකකාර චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම චීවරධාරියා ව කළගෙඩිහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

බුදු දහම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරමින් සහ සමාජ මාධ්‍යය තුළ ආන්දෝලනාත්මක හැසිරීම් සිදු කළ විශ්ව බුද්ධ නම් පුද්ගලයා මීට පෙර ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

බුදු දහමට අපහාස සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කළ රත්නපුරේ විමල බුද්ධි හෙවත් ‘විශ්ව බුද්ධ මුනි’ නැමැත්තා සාමණේරභාවයෙන් නෙරපීමට රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව තීරණය කර තිබුනා.

ඒ සමගම එම පුද්ගලයාගේ වීඩියෝ පටයක්ද මේ වෙනකොට සමාජ ජාලා හී පැතිර යනවා.

ඒ පසුගියදා ඔහු යූ ටියුබ් චැනලයක් සමග කළ සකාච්ඡාවක් ගැන පවසමින්.ඔහු එහි දී ඔහු සමගින් සාකච්ඡාව මෙහෙය වූ ජනප්‍රිය සිංහල දේශකයකු වූ උපුල් ශාන්ත සන්නස්ගලට බැණ වදිමින් ඔහුගේ පොතක්ද ගිනි තබන ආකාරය එම වීඩියෝ පටයේ දැක්වෙනවා.

සන්නස්ගලට දොස් නඟමින් විශ්ව බුද්ධි පළ කෙරූ වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: