hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 පෙබරවාරි 27, පෙ.ව. 4:18



ජාතික ජන බලවේගයේ (NPP)කොළඹ නගරාධිපතිනි අපේක්ෂිකා Vraie Cally Balthazaar පසුගියදා සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්වූයේ ඇය විසින් කරන ලද ප්‍රකාශයකින් පසුවය.

Balthazaar අන්තර්ජාල සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ පසුගිය වසර තුනහමාරක කාලය තුළ ඇය තම දරුවන් දෙදෙනාට කිසිදු අලුත් ඇඳුම් ආයිත්තම් ගෙනාවේ නැති බවත් ඇය පසුගිය වසර පුරාම බ්ලවුස් එකක් පමණක් මිලදී ගත් බවත්ය.

ඇය තම යහළුවන් සමඟ ඇඳුම් හුවමාරු කර ගත් බවත් එය තම දරුවන්ටද අදාළ වූ බවත් ඇය පැහැදිලි කර තිබෙනවා.

මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය තුළ විවිධ විවේචනවලට හා විවිධ ප්‍රතිචාරවලට ලක් වුණා.

කෙසේ වෙතත්, එක් රසවත් ප්‍රකාශයක් කළේ Vraie ගේ සහෝදරයා වන Kris Balthazaar විසින්.

Vraie ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනයත් සමඟ ක්‍රිස් සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබුණේ තමන් අලුත් ඇඳුම් ඇඳගත් බවයි.

ක්‍රිස් යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) නියෝජනය කරමින් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: