hit counter

2024 දෙසැම්‍බර් මස 08 වන ඉරිදා

2024 ජූලි 09, පෙ.ව. 9:37



“ඩුබායිවලින් ආව කන්ට්‍රෑක්ට් එකට ක්ලබ් වසන්ත මරන්න මං උදව් කළා. ඒ ප්ලෑන් එක අනුව ටැටූ ෂොප් එකේ විවෘත කිරීමේ උත්සවයට වසන්තව ගෙන්නලා එයාව මරන සැලසුම ක්‍රියාත්මක කළා. ඒ වෙනුවෙන් මට ඩුබායිවලින් රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ලැබුණා” යැයි ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

මේ අතර මෙම ප්‍රහාරය, යුරෝපයට පලාගොස් සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීමෙන් සිදුවී ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

මෙම ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ වැටී තිබූ ටී 56 හිස් පතරොම් කොපුවල KPI යන ඉංග්‍රීසි අක්‍ෂර සටහන් කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

KPI යනුවෙන් සටහන් කර ඇත්තේ කංජිපානි ඉම්රාන් යන නමට අයත් අක්‍ෂර බවට පොලිසිය සැක පහළ කරයි.

ඊයේ පෙරවරු 10.00ට පමණ අතුරුගිරිය නගර මධ්‍යයේ දෙමහල් ගොඩනැඟිල්ලක උඩු මහලේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ ක්ලබ් වසන්ත ඇතුළු පිරිසක් මෙම ප්‍රහාරයට ලක්වූහ. ප්‍රහාරයෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන යන අයකු ඝාතනයට ලක්වූ බව පොලිසිය පවසයි.

ප්‍රහාරයෙන් ක්ලබ් වසන්තගේ බිරිඳ සහ කේ. සුජීවා නමැති ගායන ශිල්පිනිය ඇතුළු පස්දෙනකු බරපතළ තුවාල ලැබුවා.

බලපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු විසින් අතුරුගිරිය නගර මධ්‍යයේ ගොඩනැඟිල්ලක උඩු මහලේ ටැටූ ආයතනයක් ඉදිකර ඇත.

එම ටැටූ ආයතනයේ හිමිකරු, එය විවෘත කිරීමේ උත්සවයට ප්‍රකට ව්‍යාපාරිකයකු වන ක්ලබ් වසන්ත ඇතුළු පිරිසකට ආරාධනා කර තිබෙනවා.

ඒ අනුව ඊයේ උදේ 10.00ට පමණ ක්ලබ් වසන්ත, ඔහුගේ බිරිඳ සහ ගායන ශිල්පිනි කේ. සුජීවා ඇතුළු පිරිසක් ටැටූ ආයතනය වෙත පැමිණ ඇත.

ක්ලබ් වසන්ත ඇතුළු පිරිස උඩු මහලේ පිහිටි ටැටූ ආයතනය වෙත ඇතුළුවී විනාඩි කීපයක් ගතවනවාත් සමගම, සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ කුලී ඝාතකයන් දෙදෙනකු එහි කඩාවැදී ඇත. මුහුණු ආවරණය කරගත් කුලී ඝාතකයන් දෙදෙනා ටී 56 ගිනි අවි දෙකක් රැගෙන ටැටූ ආයතනයට කඩාවැදී ක්ලබ් වසන්ත ඇතුළු එහි සිටි පිරිස ඉලක්ක කර හතරඅතට වෙඩි තබා තිබෙනවා.

ප්‍රහාරයෙන් ක්ලබ් වසන්තගේ බිරිඳ සහ කේ. සුජීවා නමැති ගායන ශිල්පිනිය ඇතුළු පස්දෙනකු බරපතළ තුවාල ලැබුවා.

බලපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු විසින් අතුරුගිරිය නගර මධ්‍යයේ ගොඩනැඟිල්ලක උඩු මහලේ ටැටූ ආයතනයක් ඉදිකර ඇත. එම ටැටූ ආයතනයේ හිමිකරු, එය විවෘත කිරීමේ උත්සවයට ප්‍රකට ව්‍යාපාරිකයකු වන ක්ලබ් වසන්ත ඇතුළු පිරිසකට ආරාධනා කර තිබෙනවා.

ඒ අනුව ඊයේ උදේ 10.00ට පමණ ක්ලබ් වසන්ත, ඔහුගේ බිරිඳ සහ ගායන ශිල්පිනි කේ. සුජීවා ඇතුළු පිරිසක් ටැටූ ආයතනය වෙත පැමිණ ඇත.

ක්ලබ් වසන්ත ඇතුළු පිරිස උඩු මහලේ පිහිටි ටැටූ ආයතනය වෙත ඇතුළුවී විනාඩි කීපයක් ගතවනවාත් සමගම, සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ කුලී ඝාතකයන් දෙදෙනකු එහි කඩාවැදී ඇත. මුහුණු ආවරණය කරගත් කුලී ඝාතකයන් දෙදෙනා ටී 56 ගිනි අවි දෙකක් රැගෙන ටැටූ ආයතනයට කඩාවැදී ක්ලබ් වසන්ත ඇතුළු එහි සිටි පිරිස ඉලක්ක කර හතරඅතට වෙඩි තබා තිබෙනවා.

පසුව කුලී ඝාතකයන් දෙදෙනා ඔවුන් පැමිණි සුදු පැහැති මෝටර් රථයේ නැගී පලාගොස් ඇත.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ක්ලබ් වසන්ත ඇතුළු හයදෙනකු රෝහල්ගත කර තිබේ. රෝහල්ගත කරන විටත් ක්ලබ් වසන්ත මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා.

රෝහල්ගත කිරීමෙන් පසු නයන නමැති පුද්ගලයා ද මියගොස් ඇත.

ක්ලබ් වසන්තගේ බිරිඳගේ පපුව ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ලවී තිබෙන අතර ඇයගේ තත්ත්වය ද බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා.

ගායන ශිල්පිනි කේ. සුජීවා ද වෙඩි ප්‍රහාරයට ලක්ව සිටින අතර, ඇගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව රෝහල් ආරංචි මාර්ග කියා සිටියා.

මෙම ප්‍රහාරයෙන් පසු අතුරුගිරිය පොලිසිය, නුගේගොඩ අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය පුළුල් විමර්ශන ආරම්භ කළා.

පලාගිය ඝාතකයන්, ඔවුන් පැමිණි සුදු පැහැති මෝටර් රථය නවගමුව කොරතොට ප්‍රදේශයේ අතහැර දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

සීසීටීවී කැමරා දර්ශන පරීක්‍ෂා කිරීමේදී හෙළි වූයේ, ඝාතකයන් මෝටර් රථය කොරතොට ප්‍රදේශයේ අතහැර දමා, සුදු පැහැති වෑන් රථයක නැගී පලාගිය බවයි.

අත්අඩංගුවට ගත් මෝටර් රථය පරීක්‍ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ එය ව්‍යාජ අංක යෙදූ මෝටර් රථයක් බවයි.

මේ අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය ටැටූ ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිකර ඇත්තේ ඩුබායි රාජ්‍යයෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවකට අනුව ක්ලබ් වසන්ත තම ආයතනය විවෘත කිරීමේ උත්සවයට කැඳවාගෙන ආ බවයි.

ඒ වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ සිට ටැටූ ආයතනයේ හිමිකරුගේ බැංකු ගිණුමට රුපියල් දසලක්‍ෂයක් බැරවී තිබූ බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

සන්හිල් හෝටල් සමූහයේ හිමිකරු වූ ක්ලබ් වසන්ත, ව්‍යාපාර රැසක හිමිකරුවෙකි. කාන්තාවන් විදේශ රැකියා සඳහා යැවීම ඇතුළු තවත් ව්‍යාපාර රැසක් මොහු විසින් කරගෙන ගොස් ඇත.

පසුගිය කාලසීමාවේදී ක්ලබ් වසන්තගේ සන්හිල් හෝටල් කීපයක් විකුණා දැමූ අතර, එම හෝටල් අලෙවියෙන් ලැබූ මුදල් ඔහු විසින් ලබාගත් ණය මුදල් ගෙවා දැමීම සඳහා යොදාගත් බව ආරංචි මාර්ග පවසයි.

නුවරඑළියේ, කොළඹ මැරැයින් ඩ්‍රයිව් සහ සීදුව ලියනගේමුල්ල ප්‍රදේශවල සන්හිල් හෝටල් ඉදිකර තිබී ඇත.

කොළඹ රාත්‍රි සමාජශාලා කීපයකම හිමිකරුවකු ලෙස ද මොහු කටයුතු කළ අතර රටේ ප්‍රබල දේශපාලනඥයන්, ජනප්‍රිය ක්‍රීඩකයන්, නළු නිළියන්, ගායක ගායිකාවන්, ධනවතුන්, ප්‍රභූන්, උසස් ආරක්‍ෂක අංශ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කළ ව්‍යාපාරිකයෙක් ද විය.

ක්ලබ් වසන්ත මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් කීපදෙනෙකු ද ඇසුරු කළ බවට තොරතුරු ඇති බව පොලිසිය පවසයි.

මීට වසර කීපයකට පෙර ඝානයට ලක්වූ මෙරට පාතාලයේ වර්තමාන ගෝඩ් ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ් ක්ලබ් වසන්තගේ සමීප හිතවතකු බව පොලිසිය පවසයි.

මාකඳුරේ මධුෂ් ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ උපන්දින සාදය සඳහා ක්ලබ් වසන්ත ද සහභාගිවීමට සිටි නමුත්, ගුවන් ගමන් ප්‍රශ්නයක් නිසා ඔහුට ඊට සහභාගිවීමට ඉඩ ලැබී නැත.

මේ අතර කංජිපානි ඉම්රාන් සමග ද ක්ලබ් වසන්ත සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරයට හේතුව කුමක් දැයි මෙතෙක් අනාවරණය වී නැත. මෙය පාතාල ගැටුමක ප්‍රතිඵලයක් ද එසේත් නැත්නම් පුද්ගලික ආරවුලක් නිසා සිදුවූයේ ද යන්න සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ කේ. සුජීවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර සෙසු තුවාලකරුවෝ හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: